BREAKING NEWS
Search

බ‍්‍රිතාන්‍ය මාලිමාවන්ගෙන් ලොකු තෑග්ගක්.. ඩොලර් විසිදාහක්ම දෙයි…

788

“මෑත කාලයේදී සිදුවූ ගැරඩිඇල්ල බස් අනතුර ප්‍රමුඛ මාර්ග අනතුරු වලින් අපට ගම්‍යවූ විශේෂ කරුණක් තමයි, ශ්‍රී ලංගම රියදුරු මහතුන්ට නිසි පහසුකම් සහිත විවේකාගාර නොමැතිකම. ඒ නිසා තොරාගත් ඩිපෝ 05 ක රියදුරු මහතුන්ගේ විවේකාර පහසුකම් ස්ථාපිත කිරීම පිණිස එක්සත් රාජධානියේ වෙසෙන ජාතික ජනබලවේග පාක්ෂික ශ්‍රමිකයන් විසින් රු.ලක්ෂ 60ක පරිත්‍යාගයක් සිදුකරලා තිබෙනවා. රටේ යහපත වෙනුවෙන් ඔවුන් සිදුකල මේ පරිත්‍යාගයට අපි ස්තුතිවන්ත වියයුතුයි “යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ, එක්සත් රාජධානියේ පිහිටි ජාතික ජන බලවේග පක්ෂ ශාඛාවේ නියෝජිත දර්ශණ හෙට්ටිආරච්චි මහතා විසින් රු. ලක්ෂ 60 ක චෙක් පතක් අමාත්‍යවරයා වෙත පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි. එක්සත් රාජධානියේ වෙසෙන, ජාතික ජනබලවේග පාක්ෂිකයන් විසින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිදුකළ මෙම පරිත්‍යාගය,

(15) පෙරවරුවේ බත්තරමුල්ල මගනැගුම මහමැදුරේදී සිදු කෙරිණි.

සමස්ත දිවයිනේ සංවර්ධනය වෙනුවෙන් විදෙස්ගත ජාතික ජන බලවේග සාමාජිකයන් විසින් ආධාර සැපයීමේ ව්‍යාපෘතියට සමගාමීව, ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක මහතුන්ගේ සුබසාධනය වෙනුවෙන් මෙම රු.ලක්ෂ 60ක මුදල ලබාදී තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා..

“අද දින සිදුකරන ලද්දේ, ඉතාමත් ආදර්ශමත් කටයුත්තක්. ජාතික ජන බලවේග ආණ්ඩුව ගොඩනැගීමේදීත් විදෙස්ගත පක්ෂ ශ්‍රමිකයන් විශාල කාර්ය භාරයක් ඉටුකලා. ඔවුන් ශ්‍රී ලංකාව ගොඩනැගිමට දායකවන බවට පසුගිය කාලයේ සනාත කළා. ජාතික ජනබලවේග ශාඛාවත්, ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයත්, ප්‍රවාහන අමාත්‍යාංශයත් එකතුවෙලා තමයි විවේකාගාර සංවර්ධනය මූලික වශයෙන් සිදුකලයුතු ඩිපෝ 05 තෝරාගෙන තිබෙන්නේ. එක්සත් රාජධානිය විසින් සැපයු මෙම ආදර්ශය, අනෙකුත් රටවල ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ද ආදර්ශයට ගනු ඇතැයි බලාපොරොත්තු වනවා ” යැයි පැවසීය.

එක්සත් රාජධානියේ පිහිටි ජාතික ජන බලවේග පක්ෂ ශාඛාවේ නියෝජිත දර්ශණ හෙට්ටිආරච්චි මහතා මෙහිදී අදහස් දක්වමින්, ලාංකිකයන් විශාල පිරිසකගේ ප්‍රවාහනය පිණිස කැපවී සිටින ලංකා ගමනාගමන මණ්ඩලයේ තොරාගත් ඩිපෝ 05 ක සේවක මහතුන්ගේ පහසුව වෙනුවෙන් විවේකාගාර පහසුකම් සලසන්න හැකිවීම පිළීබඳව සතුටට පත්වන බවත්, ඉදිරියටත් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කැපවන බවත්, එක්සත් රජාධානිය මෙන්ම අනෙකුත් රටවල ජාතික ජනබලවේග ශාඛාවන් ද මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පුනරුදය වෙනුවෙන් ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වනබවත් පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ පුද්ගලික ලේකම් අසංක චන්ද්‍රසේන මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහබාගී වූහ.

මාධ්‍ය අංශය

Source – Lanka C News

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!