BREAKING NEWS
Search

අරුණ ජයසේකරට වගකීමක් නෑ…- වසන්ත

1056

නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති යයි වෙළෙඳ, වාණිජ සම්ප්‍රදාය සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

විපක්ෂය මේ පිළිබඳව දැනුවත් නොවීම පුදුම සහගත බවත්, එසේ තිබියදීත් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වගකීම් පැවරුණු පුද්ගලයෙකුට එරෙහිව පමණක් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි බවයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්‍ ඔහු මසේ පැවසවේය.

Source – lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *