BREAKING NEWS
Search

මම වාහන පර්මිට් එක විකුණලා මිනිස්සුන්ට සල්ලි දීපු මිනිහෙක්… – වජිර

373

එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ධනය අයථා ලෙස උපයා ගත් ඉතිහාසයක් නොව පෞද්ගලික ධනයත් වැය කොට ජනතා සේවය කළ ඉතිහාසයක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරක් ලබා දෙමින්.

තමා කිසිදු වත්කමක් අයථා ලෙස උපයා නැති බවට තම දේශපාලන ඉතිහාසය ගැන දන්නා සියලු දෙනා සාක්ෂි දරනු ඇති බවත්, සිදු කෙරෙන ඕනෑම විමර්ශනයක් වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බවද ඔහු සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය ඉල්ලා සිටි ලිපි ලේඛන තමා ඉදිරිපත් කර නැතැයි ඇතැම් මාධ්‍ය වැරදියට කරුණු සඳහන් කර තිබූ බවත්, තමා අවශ්‍ය කරන සියලු ලිපි ලේඛන නිසි පරිදි තමා ඉදිරිපත් කර තිබෙන බවත් කියා සිටියා.

Source – the leader




Leave a Reply

Your email address will not be published. Required fields are marked *