BREAKING NEWS
Search

ඉඩමෙන් මත්ද‍්‍රව්‍ය අමුද‍්‍රව්‍ය හමුවූ මන්ත‍්‍රීගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කලා.ඇත්ත සොයා අපටත් කියන්න – පොහොට්ටුව

1976

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරයෙකු සිටි සම්පත් මනම්පේරි යන අයගේ ඉඩමකින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් එම පක්‍ෂ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලිපි ශිර්ෂයෙන් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

අප පක්ෂයේ සාමාජිකයකුව සිටි අඟුණකොළපැලැස්ස තලාව පදිංචිව සිටි සම්පත් මනම්පේරි යන පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත්වී ඇත.

අප පක්ෂය කිසිවිටෙකත් මෙවැනි චෝදනාවන්ට පත්වන්නන් හට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලදී.

එසේ වුවද ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව ඉතා බරපතළ ගණයේ චෝදනාවක් වන අතර මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවට අදාල පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සත්‍ය තත්වය හෙලිදරව් කිරීමට කටයුතු කරනු ඇතැයි පක්ෂයක් ලෙස අපි බලාපොරොත්තු වෙමු.

මීට විශ්වාසී
සාගර කාරියවසම්
මහලේකම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!