BREAKING NEWS
Search

’’ යන්න තිබුණේ එළියට දාන්න කලින්’’

1296

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ ගෙවල් වල සිටි හිටපු ජනාධිපතිවරුන්ට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර එළියට දාන්න කලින් යන්නට තිබුණා යැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

මහජන මුදල් කොල්ල කමින් හිටපු එක ගැන ඒගොල්ලෝ ලැජ්ජා විය යුතු බව පැවැසූ අමාත්‍යවරයා දැන් ජනතාවගේ අනුකම්පාව ගන්න විවිධ කතන්දර කියන බව කීය. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව කීවේ ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කිරීම පිළිබඳ විවාදයට එක්වෙමිනි.

“මහින්ද ගෙදර යනකොට වන්දනාවේ යනවා වගේ මිනිස්සු යනවා දැක්කා. “අපිට යන්න කිව්වා කියලා මහින්දත් කියනවා.හරි නම් ලැජ්ජ වෙන්න ඕන. මහින්ද රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන,චන්ද්‍රිකා බණ්ඩාරනායක, හේමා ප්‍රේමදාස එළියට දැම්මේ පාර්ලිමේන්තුවෙන්. එහෙම එළියට දාන්න කලින් යන්න තිබුණේ.ඒගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕන. මහජන ධනය මංකොල්ල කාලා, විනාශ කරලා හිටියේ.

ඒගොල්ලන්ට විශ්‍රාම වැටුප නැති කරල නෑ. ආරක්ෂාව නැති කරල නෑ.

හැබැයි අනීතික විදියට ඉඳලා රටේ ජනතාවගේ බදු සල්ලි කොල්ල කාලා යන්න වුනාම ජනතාවගේ අනුකම්පාව ගන්න “අපට යන්න කිව්වා. යන්න තැනක් නෑ. මැද මුලනට හරි යනවා කියලා කියනවා.

ඇත්ත කතාව ඒක නෙමෙයි. ඒගොල්ලෝ අනීතිකව හිටපු වග ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඔප්පු කළා.ඒ තීන්දුවට හිස නමන්න ඕන. ඒ නිසා යන්න වෙලා තියෙනවා යනුවෙන්ද සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා කීය

Source – lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!