BREAKING NEWS
Search

බංගලියන්ට තරු විසිවෙන්න ජයකින්ම ආසියානු කුසලානයට ප්‍රවිශ්ඨ වූ අපේ සිංහයෝ… මැච් එක කැරකුනේ මෙන්න මේ හින්දා…

3544

දිනන එක දින්නා ලොවෙත් නැති වෙන්න.. 🇱🇰
කෝච් සනාගේ භාෂාවෙන්ම කිව්වොත් බංගලියෝ පාගලම දැම්මා.. මේක තමයි අපේ බ්‍රෑන්ඩ් එක.. කාලෙකට පස්සේ අපේ බ්‍රෑන්ඩ් එකට තරගයක් Dominate කරලා දින්නා…

ඔව්… පොඩි පොඩි අඩුපාඩු වුනා. ඒවා හදාගමු..

කාසිය වාසිය අපි දින්නා. ඒක මේ තරගයේ ප්‍රථිඵලයට ලොකු බලපෑමක් කරා… මොකද මේ ක්‍රීඩාංගණයේ ඉතිහාසය අරන් බලද්දී චේස් කරලා දිනන සම්භාවිතාව වැඩියි.

එතකොට අපේ ඕපනින් බෝලර්ස්ලා… මැච් එක පලවෙනි ඕවරේ ඉදන්ම අපේ පැත්තට කැරකෙව්වා… නුවන් තුෂාර සහ චමීර නිලකුණු පන්දුවාර එක්ක ඒ අරන් දීපු Momentum එක මේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයක් වෙනවා නිසැකයි.

Sri Lanka’s players celebrate after the dismissal of Bangladesh’s Towhid Hridoy during the Asia Cup 2025 Twenty20 international cricket match between Bangladesh and Sri Lanka at the Sheikh Zayed Cricket Stadium in Abu Dhabi on September 13, 2025. (Photo by FADEL SENNA / AFP) (Photo by FADEL SENNA/AFP via Getty Images)

චමීර සහ තුෂාර හොදට කරලා තිබුන වෙලාවේ පවර්ප්ලේ ඕවර හයෙන් අවසන් පන්දුවාරය දසුන්ට නොදී ඒ වෙලාවේ හොඳටම කරපු චමීරට කියලා තව එක ඕවරයක් ගත්තා නම් කියලා හිතුනා… දසුන් කියන්නේ හොද පවර්ප්ලේ බෝලර් කෙනෙක්ටත් වඩා හොද මැද පන්දුවාරවල පන්දු යවන්නෙක්… දසුන්ගේ ඒ පන්දුවාරයට ලකුණු 14ක් ලබාගෙන බංග්ලාදේශ පිතිකරුවන් තරගයට අවතීර්ණ වෙනවා. හැබැයි දසුන් එයා යවපු දෙවෙනි සහ තුන්වෙනි පන්දුවාර ඉතාම හොදින් යවනවා.

අපි මැච් එකට කලිනුත් කතා කලා මේ 5tg bowling option එක ගැන… ඉතිං දසුන්ව හරි වෙලාවෙදී යූස් කරන්න වගේම පන්දු යවන්නෙක් විදිහට වෙනදට වඩා දසුන්ගෙන් මහන්සි වෙලා උපරිමය දෙන්න වෙනවා. අන්න එතකොටයි මේ කම්බිනේශන් එකත් එක්ක අපේ ටීම් එක බැලන්ස් වෙන්නේ…

වනිඳුගේ කම්බැක් එක මොන තරම් වටිනවද කියලා එයා පෙන්නුවා. වනිඳු වගේ චැම්පියන් බෝලර් කෙනෙක් ටීම් එකේ ඉද්දි ඒ ටීම් එකේ මොරාල් එක මොන තරම් උඩට යනවද කියලා මේ තරගයේදී අපේ කොල්ලෝ පෙන්නුවා.

මේ තරගයේ අපි ක්‍රීඩා කලේ වේග පන්දු යවන්නන් තුන්දෙනෙක් එක්ක. තුන්වෙනි වේග පන්දු යවන්නා වුන මතීෂ සම්පූර්ණ තරගයේම අසාර්ථක වුනා. ලයින් ඇන්ඩ් ලෙන්ත් ගැටලුව තාමත් ඔහුට සම්පූර්ණයෙන්ම හදාගන්න බැරි වෙලා තියෙනවා.

හයවෙනි කඩුල්ල වෙනුවෙන් ශමීම් සහ ජකර් අලී හොද පාට්නර්ශිප් එකක් බිල්ඩ් කරනවා. මතීෂට Off Day එකක් වෙද්දී ආයෙමත් අපේ Fast Bowling Lineup එකේ Leader වෙලා ටීම් එකට එකතු වුනු දුෂ්මන්ත චමීර එයාගේ Experience එකත් එක්ක උපරිම දෙනවා.

පවර්ප්ලේ එකේ වගේම ඩෙත් ඕවර්ස් වලත් හොඳටම කරනවා. යෝකර් පන්දු 12ක් ඒ Legendary Spell එකට අඩංගු වෙනවා.

අවසානයේ ලකුණු 140ක ඉලක්කයක් හඹාගිය අපේ කොල්ලෝ ඕවර්ස් 15ක් යන්නත් කලින් වැඩේ ගොඩ දාගන්නවා.

Sri Lanka’s Kamil Mishara (L) greets his teammate Pathum Nissanka during the Asia Cup 2025 Twenty20 international cricket match between Bangladesh and Sri Lanka at the Sheikh Zayed Cricket Stadium in Abu Dhabi on September 13, 2025. (Photo by FADEL SENNA / AFP) (Photo by FADEL SENNA/AFP via Getty Images)

ඒ කමිල් සහ පැතුම්ගේ විශිෂ්ඨ සබඳතාවය හින්දා…

දෙවෙනි ඕවරේම අපේ සාර්ථකම ආරම්භක සබඳතාවය බිඳ වැටිලා කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගාරයට යද්දී බලාපොරොත්තු බිඳ වැටෙන්නට නොදී කමිල් මිෂාර පැතුම් එක්ක කන්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යනවා. ඒ නොදැවී ලකුණු 46ක් රැස් කරලා… පැතුම් එයාගේ සුපුරුදු ඉනිම නැවතත් දියත් කරමින් අර්ධ ශතකයක් රැස් කරගන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් T20I ලකුණු 2000 කඩයිමට ලගා වූ වේගවත්ම පිතිකරුවා වෙලා…

මේ තරගයේ වඩාත්ම සතුටු දේ කමිල්ගේ පිතිකරණය. පැතුම්ගේ ඉනිම දැන් සුපුරුදු ඉනිමක්… හැබැයි ඒ වෙලාවේ මෑත කාලයේ අපි හුඟාක් තරග දිනපු අපේ Opening pair එක වේලාසන යද්දී ටීම් එක වැටෙන්න නොදී පැතුම් එක්ක එකතු වෙලා කමිල් ගහපු Inning එක නියමයි..! ඒ Inning එක බිල්ඩ් කරන්න පැතුම් දුන්නු සපෝර්ට් එකත් විශිෂ්ඨයි. මෙවැනි හොද දේවල් වලින් තමයි පාට්නර්ශිප් බිල්ඩ් වෙන්නේ.. තරග ජයග්‍රහණයට ඒ සබඳතා වැදගත් වෙන්නේ…

එතකොට රිදෝයිගේ Direct Hit එක… කමිල්ට මේ තරගයේ වීරයා සම්මානය දෙන්න ඒකත් හේතුවක්… වැඩිය කතා නොවුනට මේ මැච් එක මේ විදිහට වෙනස් වෙන්න ඒ වෙලාවේ කමිල් ගහපු Direct Hit එකත් හේතුවක්…

Sri Lanka’s players celebrate after the dismissal of Bangladesh’s Towhid Hridoy during the Asia Cup 2025 Twenty20 international cricket match between Bangladesh and Sri Lanka at the Sheikh Zayed Cricket Stadium in Abu Dhabi on September 13, 2025. (Photo by FADEL SENNA / AFP) (Photo by FADEL SENNA/AFP via Getty Images)

අන්තිමට වත්මන් T20 ආසියානු ශූරයෝ බංග්ලාදේශයට එරෙහිව පහසු ජයකින් තරගාවලියට විජයග්‍රාහී ප්‍රවිශ්ඨයක් ලබාගන්නවා…

ඊලග තරගය හොංකොං එක්ක, ලේසියට ගන්නේ නැතුව මේ තරගයේදී අපෙන් වෙච්චි අඩුපාඩු ටිකත් හදාගෙන කෝච් සනත් කියනවා වගේ පාගලම දාමු…

✍️ | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!