බගවන්තලාව නගරයේ වෙළදසැළක් ඉදිරිපිට නිදා සිටි සුනඛයෙකු මතට (15) දින උණුවතුර වත් කර එම සුනඛයාව එම ස්ථානයෙන් පලවා හරින අයුරු එම වෙළදසැලේ ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුණි.
බගවන්තලාව නගරයේ සැරිසරන සුනඛයා කිසිවෙකුටත් හිරිහැරයක් නොවන සේ නිදා සිටි අතර, එම වෙළදසැලට යාබදව පිහිටි පැරණි යකඩ බඩු එකතු කරන වෙළදසැලක අයිතිකරු විසින් එම සුනඛයා උණුවතුර වත්කර ඇත.
උණු වතුර තැවරුණු සුනඛයා වේදනාවෙන් කෑ ගැසමින් නිදා සිටින ස්ථානයෙන් දිව ගිය බවයි ඒ අසළ සිටි පිරිසක් කියා සිටියේ.