BREAKING NEWS
Search

නාමල් එයි – චන්ද කැඩෙයි කියා බියෙන් වෙන්ඩ ජනාදිපති සජිත් එජාප සම්මේලනයට නෑ.!

2038

 

එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් එම පක්ෂය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පමණක් සහභාගී වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර රැස්වීම එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල මොනාච් ඉන්පීරියල් හෝටලයේදී හෙට (20) පෙරවරැ 9.00 ට පැවැත්වේ

මෙම සංවත්සර රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ සෙසු දේශපාලන නායකයන් පිරිසක් සහභාගි වීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!