තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදී මෑතකදී සොයාගත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ජාලයට සම්බන්ධ වූ තවත් පුද්ගලයකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ප‍්‍රබද දේශපාලන ආධාරකරුවෙකු බව පැවසෙන ‘බෙලිඅත්තේ සනා’ යනුවෙන් හැඳින්වෙන මෙම අපරාධකරු ඊයේ දින අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
පසුගිය දිනෙක පොලිසිය විසින් සීනිමෝදරදී ලොරි රථ තුනක සඟවා තිබූ හෙරොයින් සහ අයිස් යන මත්ද්‍රව්‍ය වර්ග දෙකෙහිම කිලෝග්‍රෑම් 700 ඉක්මවූ දැවැන්ත තොගයක් සොයාගනු ලැබිණි. මෙය විදෙස් රටක සිට මෙරටට ගෙනැවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ තොගයකි.
මෙම මත්ද්‍රව්‍ය තොගය විදෙස්ගත වී සිටින ‘උනාකුරුවේ ශාන්ත’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බවට විශ්වාස කෙරේ.
මෙරට ජාවාරම් මෙහෙයවූ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දැනටමත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව, අත්අඩංගුවට ගත් ‘බෙලිඅත්තේ සනා’ නම් සැකකරු, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවකු වන ‘භූමිතෙලා’ නමැත්තාගේ කිට්ටුම සගයෙකු බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.