ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නේ ලෝක ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයන්ගෙන් එක්කෙනෙක්. ඔහු මේ තරම් සාර්ථක වෙන්න සෑහෙන කැපවීමක් කරපු කෙනෙක්. රොනාල්ඩෝ කියන්නේ පාපන්දු වලට එහෙම ලොකු බෝන් ටැලන්ට් එකක් නෙමෙයි.
එහෙම බෝන් ටැලන්ට් එකක් නොව නිසා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ තැනට එන්න සෑහෙන මහන්සි වුණා. මිලියන් ගණන් මුදල් හම්බුණත් කවදාවත් රොනාල්ඩෝ තමන්ගේ ගමන අමතක කළේ නෑ. රොනාල්ඩෝගේ දවසේ දින චරියාව දැක්කම ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. රොනාල්ඩෝගේ බිරිඳ ජෝර්ජියානා රොනාල්ඩෝගේ දින චරියාව ගැන කියන දේවල් දැක්කම පුදුමත් හිතෙනවා,
“ක්‍රිස්ටියානෝ හැමදාම උදේ 6 ට නැගිටිනවා. නැගිටපු ගමන් ඔහු ව්‍යායාම කිහිපයක නිරත වෙනවා. ඔහු ගොඩක් වතුර බොනවා. මොකද ක්‍රිස්ටියානෝ විශ්වාස කරනවා උදේට ගොඩක් වතුර බොන එක සෞඛ්‍යට සෑහෙන හිතකරයි කියලා.”
“ඔහු ඊට පස්සෙ පැය බාගෙක විතර විවේකයක් ගන්නවා. උදේට අනිවාර්යයෙන්ම කන්නේ පළතුරු, චීස් සහ බිත්තර. ආයෙම ඊට පස්සේ පැය 2 ක් ජිම් එකේ ඉන්නවා. විවේක ගන්නවා. හවසට ඔහු පවුලේ සාමාජිකයන් එක්ක, යාලුවෝ එක්ක ඉන්නවා. ගොඩක් වෙලාවට රොනාල්ඩෝ කෙටි නින්දවල් කිහිපයක් ලබා ගන්නවා ශාරීරික සහ මානසික සුවතාවය වෙනුවෙන්.”
“අන්තිමට නිදා ගන්න කලින් ඔහු පීනන්න යනවා. රොනාල්ඩෝ විශ්වාස කරනවා සෞඛ්‍ය සම්පන්න සුවදායී නින්දකට පිහිනීම ගොඩක් වැදගත් කියලා.”
ඇත්තටම ගත්තොත් මේ කාලය පුරාවටම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ආහාරයට ගන්නේ සෞඛ්‍ය සම්පන්න දේවල් විතරයි. ඔහු ක්ෂණික ආහාර ප්‍රතික්ෂේප කරනවා, ඔහු කෝලා වර්ග වගේ කෘතිම පැණි බීම ජාති බොන්නේ නෑ.
ගොඩක් නැවුම් එළවලු සහ පළතුරු ආහාරයට ගන්නවා. ඔහු බීමට ගන්නේ වතුර විතරයි. වතුර වලට අමතරව පළතුරු බීම එහෙම ගන්නවා හැරෙන්න වෙන කිසිම කෘතිම ආහාර පාන කිසිවක් ඔහු ලබා ගන්නේ නෑ.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සාමාන්‍ය දින වල කාලසටහන් පහත විදිහට අපිට ලඝු කරන්න පුළුවන්,
උදෑසන 6.00 – අවදි වීම සහ පැය 2 ක ව්‍යායාම කටයුතු වල නිරත වීම
උදෑසන 8.00 – පැය 1.5 ක කාලයක් විවේක ගැනීම
උදෑසන 9.30 – උදෑසන ආහාරය අධි ප්‍රෝටීන් සහිත ආහාර වලින් ලබා ගැනීම, පළතුරු, චීස්, යෝගට්, බිත්තර වැඩි වශයෙන් ආහාරයට ගැනීම
උදෑසන 10.30 – නැවත පැය 2 ක ව්‍යායාම සිදු කිරීම
දහවල් 12.30 – පැය 1.5 ක නින්දක් ලබා ගැනීම
සවස 2.00 – පෝෂ පදාර්ථ බහුල දහවල් ආහාර වේලක් ලබා ගැනීම. කුකුල් මස් සහ කොළ පැහැති එළවළු සහිත සලාදයක් බොහෝ දුරට රොනාල්ඩෝගේ දිවා ආහාරයට ඇතුළත් වේ.
සවස 3.00 – නැවත පැය 1.5 ක කෙටි නින්දක් ලබා ගැනීම
සවස 4.30 – දෙවන දිවා ආහාරය ලබා ගැනීම. එවරත් සලාදයක් සහ ටූනා මාළු, බිත්තර සහ ඔලීව්
සවස 5.00 – පවුලේ අය සහ යහලුවන් සමග ගත කිරීම
රාත්‍රී 7.00 – රාත්‍රී ආහාරය ලබා ගැනීම. මස් වර්ග, ටූනා මාළු සහ එළවළු සලාදයක් එහි ප්‍රධාන ආහාර වේ
රාත්‍රී 8.00 – පවුලේ අය සමග විවේකයෙන් ගත කිරීම
රාත්‍රී 10.00 – පැයක පමණ පිහිනීමේ සැසියක් ගත කිරීම
රාත්‍රී 11.00 – නින්දට යාම
මේ කාල සටහන දැක්කම ඔබට හිතාගන්න පුළුවන් ඔහු මොන තරම් ක්‍රීඩාව වෙනුවෙන් තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගන්න කටයුතු කරනවද කියලා. එහෙම කැපවීමක් කරන්නේ නැත්තන් ඇත්තටම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වගේ චරිතයකට ලොව ඉහළම මට්ටමේ පාපන්දු කවදාවත් ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙන්නේ නෑ.
ඔහු තවමත් අවුරුදු 40 ක් වෙලත් ඉහළම මට්ටමේ ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගන්නේ ඒ නිසා. රොනාල්ඩෝ විතරක් නෙමෙයි ලෝක මට්ටමේ ඉහළටම ගමන් කරපු ක්‍රීඩකයන්ගේ දින චරියාව, ආහාර පුරුදු වගේ දේවල් අරන් බලන්න. ඔවුන් ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කරලා තියෙන්නේ.
එහෙම කැපවීමක් නොකරන කෙනෙක්ට ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීමය ක්‍රීඩකයෙක් විදිහට ඉහළම තලයේ වැජඹෙන්න බෑ. ඒක තමයි සත්‍ය කතාව
Copied – pro Sports