BREAKING NEWS
Search

”ශූටින් අන්තිම දවසෙ, විදුලි වේගෙන් අස්සයා පැදගෙන ඇවිත් අත කඩාගත්තා”

939

අකිල ධනුද්දර කියන්නෙ, තමන්ට ලැබෙන කවරාකාර චරිතයකට වුවත් උපරිමයෙන් සාධාරණයක් කරන්න නිරන්තර වෙහෙසෙන රංගන ශිල්පියෙක්.

අකිලට ලැබෙන චරිතත්, එයාකාරයෙන්ම වෙහෙස විය යුතු චරිත.

මේ දවස්වලත් ඔහු එවන් චරිතයකට පණදෙන ගමන්.

ඒ, රාවනා සිනමාපටයේ.

එහි රූගත කිරීම් අතරතුර අකිලට අකරතැබ්බයකටත් මුහුණදෙන්න වෙලා.

ඒ ගැනත්, චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් කළ කැප කිරීම ගැනත් අකිල අපූරු සටහනක් තබා තිබුණා….

”පහුගිය මාස දෙක පුරාවට අපි “රාවනා” චිත්‍රපටයේ වැඩ රැයක් දවාලක් නෑ… කොටින්ම මේ මං මේ වසරේ රගපාන 4වන චිත්‍රපටය..

අවුරුද්ද ඉවර වෙන්න කලින් 5 වන චිත්‍රපටයටත් ආරාධනා ලැබිලා අවසන් (දෙයියන්ගේ පිහිටයි)

ඒ අස්සේ වීදුරු තිර,ජහුටා ඇතුලු ටෙලිනාට්‍ය 4කට ද ප්‍රධාන භුමිකා වලින් දායක උනා….

අනතුරු ,නිදි නැති රැයවල්, එමටයි ඒත් මට ඒ හැම දේම මැද්දේ ‘ඇඟ’ හදාගෙන පවත්ව ගන්නත් ඕනේ උනා( මං ආසයිනේ කිසිදෙයක් අත නෑර “කැමති” ඔක්කොම කරන්න)

ඊයේ මට විශේෂ දිනයක් රාවනා චිත්‍රපටයේ මකර සෙන්පතිතුමාගේ Entry Scene එක….( Entryය ගොඩ දාගත්තම සාමාන්‍යයෙන් චිත්‍රපටයම ගොඩ)

පහුගිය මාස දෙක තවත් කාර්‍ය බහුල උනා නින්ද ‘Travelingවාහනේ’ විතරයි අනුරාධපුර-කොලබ ,මිහින්තලය-කොලඹ , නුවරඑළිය-කොලඹ, රිවෙස්ටන්-කොලඹ,

කොච්චර අමරු උනත් මං කෑම පාලනය කරා…කැලෑවල හිට නිදි නැතිවද ව්‍යායාම…… ‘Fitness lifeStyleඑක’ තැනේ හැටියට Maintain කරා…

කොහොම හරි රාවනා චිත්‍රපටයේ මගේ අවසාන Shooting දවස දක්වා මං ඇග වැටෙන නොදී ඇදගෙන ආවා..

මට සතුටුයි.. ඒකයි මං මේ සිද්ධිය ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ…

කොහොම හරි ඊයේ Shooting අන්තිම දවසේ

මකර සෙන්පතති තුමා විදුලි වේගෙන් අස්සයා පැදගෙන ඇවිත්

අස්සයා පිටෙන් වැටී..

අත කඩාගන්නා ලදී”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!