ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද පෙරවරුවේ සිදු කර ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම වෙනස්කම් සිදු කර තිබේ.
ඒ අනුව බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, අනුර කරුණාතිලක මහතා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසත්, සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇත.
අනුර කරුණාතිලක මහතා පෙර නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර සුසිල් රණසිංහ මහතා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
මෙම කැබිනට් සංශෝධනයේ අරමුණ වී ඇත්තේ ඉදිරි අයවැයට අනුකූලව ජාතික සංවර්ධන ඉලක්ක වල කාර්යක්ෂමතාවක කඩිනම් කිරීමයි.
අමාත්‍යවරුන්
බිමල් නිරෝෂන් රත්නායක මහතා – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
අනුර කරුණාතිලක මහතා – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරුන්
අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
ටී.බී. සරත් මහතා – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
එම්.එම්. මොහොමඩ් මුනිර් මහතා – ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
එරංග ගුණසේකර මහතා – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය මුදිත හංසක විජයමුණි මහතා – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
අරවින්ද සෙනරත් විතාරණ මහතා -ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
එච්.එම්. දිනිඳු සමන් කුමාර මහතා – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
එම්.අයි.එම්. අර්කම් මහතා – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
Source – Lanka C News