අප්‍රිකානු රාජ්‍යයක් වන කැමරූන් රාජ්‍යයේ ජනාධිපතිවරණය පසුගියදා පවත්වා අවසන් වූ නමුත් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද කරමින් දීර්ඝ කාලයක් බලයේ සිටින ජනපතිවරයා සිය පරාජය ජයග්‍රහණයක් බවට හරවන කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවටත් ඒ අසාධාරණය වළක්වා දෙන ලෙසත් විපක්ෂය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඇවිටිලි කර තිබේ.
වත්මන් ජනාධිපති, 92 හැවිරිදි පෝල් බියා, සිය 43 වසරක පාලන කාලය තවදුරටත් දීර්ඝ කරගැනීමේ අරමුණින් මෙවර අටවන වරටත් ධුරය සඳහා තරඟ කරයි. ඔහු ලොව වයස්ගතම රාජ්‍ය නායකයා ලෙස සැලකේ.
කැමරූන් ජනාධිපතිවරණයේ නීත්‍යානුකූල ජයග්‍රාහකයා ලෙස විපක්ෂ අපේක්ෂක ඉසා ටිචිරෝමා බකාරි මහතා පිළිගන්නා ලෙසත්, වත්මන් ජනාධිපති පෝල් බියාගේ පාලනයට එරෙහිව සම්බාධක පනවන ලෙසත්, නයිජීරියාවේ ‘සමස්ත ප්‍රගතිශීලී කොංග්‍රසයේ’ (APC) හිටපු නියෝජ්‍ය ජාතික ප්‍රචාරක ලේකම් ටිමී ෆ්රෑන්ක් මහතා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ නායකයින්ගෙන් බලවත් ලෙස ඉල්ලා සිටියි.
ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ප්‍රතිඵල සහ කලාපීය ඡන්ද ගණනය කිරීම් උපුටා දක්වන ෆ්රෑන්ක් මහතා, එම දත්ත මගින් කැමරූන් මැතිවරණයේ නීත්‍යානුකූල ජයග්‍රාහකයා ටිචිරෝමා බකාරි බව පැහැදිලිව පෙන්නුම් කරන බව අවධාරණය කරයි.
මැතිවරණ ප්‍රතිඵල දූෂිත බව කියන විරෝධය පළ කරන පුරවැසියන්ට එරෙහිව වයස්ගත නායක බියාගේ පාලනය බිය ගැන්වීම්, හිරිහැර කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා ද වාර්තාවී ඇත.
92 වන වියේ පසුවන පෝල් බියා, අප්‍රිකාවේ දීර්ඝතම කාලයක් සේවය කරන නායකයා ලෙස සැලකෙන අතර, ජනතා ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ වුවද බලය අත්හැරීමට ඔහු අකමැති වීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන සරදමක් ලෙස විවේචනයට බඳුන්ව ඇත.
බියා මහතාට එරෙහිව අපේක්ෂකයින් නව දෙනෙකු තරඟ වැදි අතර, ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියෙකු වන, රජයේ හිටපු ප්‍රකාශක ඉසා චිරෝමා බකරී, ඉදිරිපත්වූයේ බියාගේ ප්‍රධානතම අභියෝගකයා ලෙස පුළුල් ලෙස සැලකුණු 71 හැවිරිදි මොරිස් කම්ටෝ හට තරඟ කිරීමට කුමන්ත්‍රණයක් නිසා අවස්ථාව හිමි නොවූ පසුබිමකය. අගෝස්තු මාසයේදී ව්‍යවස්ථාපිත කවුන්සිලය විසින් ඔහුගේ අපේක්ෂකත්වය තහනම් කරන ලදී.
වසර ගණනාවක දේශපාලන එකතැන පල්වීමක්, ඉහළ යන ජීවන වියදමක් සහ සමාජ නොසන්සුන්තාවක් පවතින පසුබිමක මෙම ඡන්ද විමසීම පැවැත්විණි. රටේ මැතිවරණ කොමිසම පාලක පක්ෂයට පක්ෂපාතීව කටයුතු කරන බවට විපක්ෂ පක්ෂ චෝදනා කරයි. මිලියන 7.8 ක් වන ඡන්ද දායකයින් බොහෝ දෙනෙකුට වසර 43 ක් තිස්සෙ බියා හැර වෙනත් නායකයෙකු පිළිබඳ මතකයක් නොමැත.
2017 වසරේ ආරම්භ වූ ඉංග්‍රීසි භාෂිත කලාපවල අර්බුදය හේතුවෙන් දහස් ගණනක් මියගොස් 700,000 කට අධික පිරිසක් අවතැන් වී ඇත. මෙම අර්බුදය සහ උතුරු ප්‍රදේශයේ පවතින ගැටුම් හේතුවෙන් මෑත වසරවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ද විශාල ලෙස පහත වැටී තිබේ.
ප්‍රසිද්ධියේ දැකගත නොහැකි තරම් වයස්ගත දුර්වලයකු බියා මහතා, මෙවර සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සහභාගී වූයේ එක් ජන රැලියකට පමණි. ඔහු ධුරයෙන් විශ්‍රාම ගත යුතු බවට කතෝලික අගරදගුරු සැමුවෙල් ක්ලේඩා සහ ඔහුගේම දියණිය වන බ්‍රෙන්ඩා බියා ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම මැතිවරණයට පෙර දැඩි කතාබහට ලක්විය.
Gossip Lanka News