ඔන්න පවන් රත්නායකව හෙට අනිද්දා පටන් ගන්න පකිස්තාන, සිම්බාබ්වේ, ශ්‍රී ලංකා තුන් කොන් විස්සයි විස්ස සංචිතයටත් ඇතුලත් කරන්න යනවා කියලා කතාවක් යනවා…
සමහරවිට චරිත් අසලංක අසනීප වෙලා නිසා වෙන්න පුළුවන්… දැන් ඔය කියන විදිහට චරිත්ලා එක්දින තරගාවලිය අතරමග දාලා එන්න හදද්දී ඒ වෙනුවට පකිස්තානයට යවන්න ක්‍රීඩකයින් සූදානම් කරන්න ක්‍රිකට් බෝඩ් එකට පුළුවන් වුන එකේ චරිත් අසනීප නම් ඒ සදහා ගැලපෙන T20 ක්‍රීඩකයෙක්ව රිප්ලේස්මන්ට් එකක් විදිහට යවන්න බැරි වෙන එකක් නෑනේ…
දැන් පකිස්තානයට ගිය සෙට් එකෙන් චරිත් අසණීප නිසා එකෙක් තියාගන්නම ඕනි වුනා නම් ඇයි අන්තිම T20I ඉනිම් 6දී අර්ධ ශතක දෙකක් ගහපු සදීර වගේ එකෙක් තියාගන්නේ නැතුව T20 වල ලොකුවට දෙයක් කරලා නැති නවකයා පවන්වම තියාගත්තේ… පවන්ට තියෙන ආදරේටද ? රෙද්ද…
මේ කතාව ඇත්ත නම් මේ හදන්නේ පවන් හොඳටම කරපු one day format එකේ අංක හත එවලා ඌව නාස්ති කරාට අමතරව ඌ ලොකුවට පෆෝම් කරලා නැති T20 වලටත් නිකරුනේ ඌව රිංගලා උගේ අනාගතය නැති කරලම දාන්න…
මේ දවස්වල සෝෂල් මීඩියා එකේ මාතෘකාව පවන් නිසා පවන් T20 සංචිතයට දැම්මාම කලින් මැච් එකේ කරපු බ|ලු වැඩ සේරම අකාමකා යයි කියලා හිතුවා නම් උඹලට වැරදිලා…
පවන් විස්සයි විස්ස තරග ආකෘතියෙන් තාමත් ජාතික කන්ඩායමේ නියෝජනය කරන්න තරම් දක්ෂතා පෙන්නලා නැ… එහෙම තිබියදී ඌට උගේ ෆෝමැට් එකේ හරියට චාන්ස් එක නොදී මේ කරන්න යන්නේ හරිම පහත් වැඩක්…
පවන්…. බැරි වෙලා හරි උඹට උන් චාන්ස් එකක් දීලා ඒ වැඩේ කරොත් ඒක කොහොමහරි ගහපං මචං.. දැන් උඹට ෆයිට් කරන්න වෙලා තියෙන්නේ ප්‍රතිවාදි රට එක්ක විතරක්ම නෙමෙයි. අපේම උන් එක්කත්… 🙏
✍ | Rishie Bro







