BREAKING NEWS
Search

නීතිය අකුරටම – වැඩි මිලට සහල් අලෙවි කල වෙලෙදුන්ට ලක්ෂය බැගින් දඩ..!

313

රජයේ අනුමත මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කල වෙලෙදුන් සිව්දෙනෙකුට රු ලක්ෂ හතරක දඩ මුදල් ගෙවන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනි මෙනෙවිය (18) දින නියෝග කළාය.

එක් වෙලෙන්දෙකුට රු ලක්ෂය බැගින් දඩ මුදල් ගෙවන ලෙසත්, මිල ප්‍රදර්ශනය නොකල වෙලෙදුන් සිව්දෙනෙකුට රු අසු දහසක දඩ මුදල් ගෙවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝ කර සිටිහ.

නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ දිස්ත්‍රික් ප්‍රධානි අමිල රත්නායක මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරින් පිරිසක් වැටලිමක් සිදු කර වෙලෙදුන්ට එරෙහිව නෛතික පියවර ගෙන තිබුණි.

– රංජිත් රාජපක්ෂ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!