BREAKING NEWS
Search

බංග්ලාදේශ හිටපු අගමැතිනියගේ තත්ත්වය බරපතලයි !

721

බංග්ලාදේශයේ රෝහලක ප්‍රථිකාර ලබන එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා ශියාගේ තත්ත්වය බරපතළ බව ඇයගේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

මේ වන විට 80 හැවිරිදි වියේ පසුවන ඇය ඩකාහි රෝහලක තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය නොවැම්බර් මස 23වනදා රෝහල් ගත කර කලීඩා ශියා දෙසැම්බර් මස 11වනදා සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහයෙන් පසුවන බවද වාර්තා වේ.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වන කලීඩා ශියා එරට පළමු කාන්තා අගමැතිවරියයි.

ලබන පෙබරවාරි මාසයේ පැවැත්වෙන බංග්ලාදේශයේ තීරණාත්මක මහ මැතිවරණයේදී අගමැති ධූරයට තරග කිරීම වෙනුවෙන් ඇයගේ පුත් තාරික් රහ්මන්ඩ් පසුගියදා බංග්ලාදේශය වෙත පැමිණ තිබුණේ වසර 17ක කාලයක් එංගලන්තයේ රැදී සිටීමෙන් අනතුරුවය.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *