BREAKING NEWS
Search

දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

151

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබේ.

වසරේ පළමු පොහොය අද වීමත් විශේෂත්වයකි.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර උන්වහන්සේට කේශධාතු මිටක් පූජාකර එම කේශධාතු නිධන් කර මහියංගනය සෑය ඉදිකිරීම ද දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයක සිදූවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

මේ අතර fm දෙරණ 129 වැනි “අසපුව” පෝ දා සජීවී විකාශය ඓතිහාසික අලවල පොත්ගුල් ලෙන් රාජමහා විහාරයේ සිට අද දවස පුරා ක්‍රියාත්මක කෙරේ.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!