BREAKING NEWS
Search

මේ දරුවා මට ට්‍රම්ප් එක්ක තිබුණු අනියම් සබඳතාවයකින් ලැබුණු දරුවෙක්” තුර්කි කාන්තාවකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..!

506

ලෝක බලවතා වන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තුර්කියෙන් ඉතාමත් අමුතු පුවතක් වාර්තා වෙනවා.

ඒ, 55 හැවිරිදි තුර්කි කාන්තාවක් තමන් ට්‍රම්ප්ගේ “ජීව විද්‍යාත්මක දියණිය” බව පවසමින් පීතෘත්වය තහවුරු කරන්නට නඩු පැවරීමත් සමඟයි.

තුර්කියේ අන්කාරා අගනුවර පදිංචි නෙක්ලා ඔස්මෙන් නම් මෙම කාන්තාව පවසන්නේ, තමන් ට්‍රම්ප්ට අතිශය සමානකමක් දක්වන බවයි. ලේඛනවලට අනුව ඇය තුර්කි යුවළකගේ දියණිය වුවත්, 2017 වසරේදී ඇගේ මව (සාති) හෙළි කළ රහසකින් ඇගේ මුළු ලෝකයම උඩුයටිකුරු වී තිබෙනවා.

නෙක්ලා පවසන ආකාරයට 1970 වසරේදී ඇගේ තුර්කි මව රෝහලේදී මළ දරු උපතක් සිදු කර තිබෙනවා. එම අවස්ථාවේදීම දරුවෙකු ප්‍රසූත කළ සොෆියා නම් ඇමෙරිකානු කාන්තාවක්, තම බිළිඳියව හදා වඩා ගැනීමට මෙම තුර්කි යුවළට ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේදී සොෆියා පවසා ඇත්තේ, “මේ දරුවා මට ට්‍රම්ප් එක්ක තිබුණු අනියම් සබඳතාවයකින් ලැබුණු දරුවෙක්” කියායි. පියා කවුදැයි පෙන්වීමට ඇය ට්‍රම්ප්ගේ ඡායාරූපයක් පවා එවකට පෙන්වා ඇති බව නෙක්ලා සඳහන් කරනවා.

නෙක්ලා පවසන්නේ තමන්ට ට්‍රම්ප්ට කරදර කිරීමට හෝ ඔහුගේ දේපළවලට උරුමකම් කීමට අවශ්‍ය නොවන බවයි. ඇයට අවශ්‍ය වන්නේ DNA පරීක්ෂණයක් මගින් තම සැබෑ පියා කවුදැයි දැන ගැනීමට පමණක් බවයි ඇය මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

“ට්‍රම්ප් කියන්නේ හොඳ පියෙක්.. ඔහු මාව ප්‍රතික්ෂේප කරන එකක් නැහැ”

ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා මුලින් අන්කාරා පවුල් අධිකරණය මෙම නඩුව ප්‍රතික්ෂේප කර තිබුණා. නමුත් නෙක්ලා අධෛර්යවත් නොවී දැන් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙතද පෙත්සම් යොමු කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!