BREAKING NEWS
Search

ක්ලින්ටන් යුවළ ඉතිහාසගත සාක්ෂියකට සූදානමින්..

704

 

මේ කියන්න යන්නේ ලෝකයේම අවදානය දිනාගත්ත තවත් එක් සිද්ධිය ගැන ඇසෙන කතාවක්.

ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ තිබූ සබඳතා සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන් සහ ඔහුගේ බිරිද වන හිලරි ක්ලින්ටන් සාක්ෂි දීමට එකඟත්වය පළකර තිබෙනවා.

ඒ, එප්ස්ටයින් අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන කොංග්‍රස් මණ්ඩල අධීක්ෂණ කමිටුව හමුවේයි.

මෙම සාක්ෂි ලබා ගැනීම සිදුවන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති නමුත් එය අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති කියා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.

ඒ,1983 වසරේදී ජෙරල්ඩ් ෆෝඩ් කොංග්‍රස් මණ්ඩල කමිටුවක් හමුවේ සාක්ෂි දීමෙන් පසු, එවැනි කමිටුවක් හමුවේ සාක්ෂි ලබා දෙන පළමු හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා බවට බිල් ක්ලින්ටන් පත්වන බැවින්.

මියගොස් සිටින ලිංගික හා මූල්‍ය අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටීන්ට අදාළ නව ලිපිගොනු මිලියන ගණනක් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව පිටු මිලියන 3ක්, ඡායාරූප 180,00ක් සහ වීඩියෝ 2000ක් පසුගිය සිකුරාදා සිට මෙලෙස නිකුත් කළ අතර මෙය ට්‍රම්ප් පරිපාලනය විසින් එප්ස්ටීන් ලිපිගොනු සම්බන්ධයෙන් සිදුකළ විශාලතම හෙළි කිරීමද වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!