බොහෝ විට අප සිතන්නේ කෘෂිකර්මාන්තය කියන්නේ ලොකු අවදානමක් තියෙන, හැමදාම මහන්සි වෙන්න ඕන දෙයක් කියලයි. ඒත් හිතන්න, එක පාරක් පැළයක් හිටෙව්වම අවුරුදු 25ක් තිස්සේ දිගටම ඒකෙන් සල්ලි එනවා නම්? ඒක හරියට මැජික් එකක් වගේ නේද? හැබැයි මේක මැජික් එකක් නෙවෙයි, බටහිර බෙංගාලයේ (West Bengal) උතුරු දිනජ්පූර් දිස්ත්‍රික්කයේ ගොවීන් අත්විඳින සත්‍යයක්. අද වෙද්දී ඔවුන්ගේ මේ “බේ ලීෆ්” (Bay Leaf) හෙවත් අපි කවුරුත් දන්නා ‘රම්පේ/කරපිංචා’ කුලයට යන කුළුබඩු කොළ වගාව රුපියල් කෝටි 400කට ආසන්න දැවැන්ත කර්මාන්තයක් බවට පත්වෙලා!
එක් ගසක් – දශක ගණනක ආදායමක්
මේ වගාවේ තියෙන විශේෂම දේ තමයි එහි සරලකම. හොඳින් වැඩුණු එක ‘තේජ් පත්තා’ (Tej Patta) ගසකින් අවුරුද්දකට කොළ කිලෝ 15ක් 20ක් විතර කඩාගන්න පුළුවන්. මේ විදියට එක ගසක් අවුරුදු 25ක් යනකම්ම අස්වැන්න ලබා දෙනවා. සාම්ප්‍රදායික වගාවන් වගේ නෙවෙයි, මේ ගස්වලට ලොකු නඩත්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ගොවීන්ට යන වියදම හරිම අඩුයි, හැබැයි ලැබෙන ලාභය ඉතා ඉහළයි. 📈
සුකුමාර් බර්මන්ගේ විප්ලවය
මේ කතාව පටන් ගන්නේ 2007 වගේ ඈත කාලෙකදී. සුකුමාර් බර්මන් (Sukumar Barman) කියන දූරදර්ශී ගොවි මහතා තමයි සාම්ප්‍රදායික ගොවිතැනින් මිදිලා මේ අලුත් වගාව අත්හදා බලන්න තීරණය කළේ. එදා ඔහු ගත්තු ඒ තීරණය අද මුළු ප්‍රදේශයක්ම ගොඩදාපු ව්‍යාපාරයක් බවට පත්වෙලා. කාලයත් එක්ක අනිත් ගොවීන් තේරුම් ගත්තා වී ගොවිතැන වගේ අවදානම් වැඩවලට වඩා, මේ වගේ ස්ථාවර ආදායමක් එන වගාවක් කොච්චර වටිනවද කියලා.
කාන්තාවන්ට අතහිත දෙන ‘හරිත’ රැකියා
මේ සාර්ථකත්වයේ ලොකුම කොටස්කාරියන් වෙන්නේ කාන්තාවන්. මේ ප්‍රදේශයේ බේ ලීෆ් කර්මාන්තයෙන් 64%ක්ම කරට අරන් ඉන්නේ කාන්තාවන් කියලා කිව්වොත් ඔබ පුදුම වෙයි. අස්වැන්න නෙළා ගත්තට පස්සේ ඒවා තෝරන, වේලන සහ පැකට් කරන (Grading and Packaging) වැඩවල නිරත වෙලා ඔවුන් තමන්ගේම කියලා ආදායමක් උපයනවා. මේ නිසා ඔවුන්ට ආර්ථික නිදහසක් විතරක් නෙවෙයි, සමාජය තුළ පිළිගැනීමකුත් ලැබිලා තියෙනවා.
අද වෙද්දී හෙක්ටයාර 318ක විතර භූමියක මේ වගාව පැතිරිලා තියෙනවා වගේම, මෙට්‍රික් ටොන් 1000කට වැඩි අස්වැන්නක් වාර්ෂිකව ලැබෙනවා. 10,000කට අධික පිරිසක් මේ හරහා ජීවත් වෙනවා කියන්නේ මේක පොඩි පහේ වැඩක් නෙවෙයිනේ!
බටහිර බෙංගාලයේ මේ කතාව අපටත් කියා දෙන පාඩම බොහොම වටිනවා. හරියට තෝරා ගත්තොත්, එක ගසක් වුණත් පරම්පරා ගණනාවක් ජීවත් කරවන්න තරම් බලවත් වෙන්න පුළුවන්.
By Tharanga Gamage.
Copied.







