BREAKING NEWS
Search

වැඩිම ඡන්ද ප්‍රමාණයකින් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරනවා, පළාත් සභා මැතිවරණය තියන්නකෝ බලන්න – තිස්ස කුට්ටිආරච්චි

296

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘ගම්පෙරළිය’ නමින් ගමින් ගමට සෑම කොට්ඨාසයකම ප්‍රාදේශීය කාර්යාල ආරම්භ කරන වැඩසටහනක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

මේ වන විට සිය රැස්වීම්වලට වැඩි වශයෙන් ජනතාව පැමිණෙන බවත්, පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු කළහොත් වැඩිම ඡන්ද ප්‍රමාණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවට කැට තබා ප්‍රකාශ කරන බවයි  (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ජනතා මතය සිය පක්ෂය දෙසට හැරෙන විට, ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කෙසේ හෝ ‘ඇතුළට දැමීමට’ උත්සාහ කරන බවත්, ඔහු සිරගතව සිටියදී ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත්, ඇතුළේ සිටිමින් එළියේ ජනාධිපති වූ පුද්ගලයා බවට නාමල් ඉතිහාසගත වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!