BREAKING NEWS
Search

මම කවදාවත් රනිල් සර්ව මුණගැහිලා නෑ – දොඩම්පහල රාහුල හිමියන් කඳුළු සලමින් කියූ සංවේදී කතාව (වීඩියෝ)

70

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැති දානමය පිංකමකදී පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමියන් විසින් ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

කෙසේ වෙතත් එම ප්‍රකාශය අත්වැරදීමකින් සිදුවූ එකක් බවයි හිරු ප්‍රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.

එහිදී උන්වහන්සේ සංවේදීව,

”මම කිසිම කෙනෙක්ගෙන් දානයක් ගන්නේ නෑ. මට දන් දෙන කෙනෙක් හොයන්න. ගත්තොත් ඕවට බැනුම් අහන්න වෙයිනේ මුට තෙල වඩියි කියලා. කවදාවත් මට දානයක් දීපු කෙනෙක් හොයලා බලන්න. බුද්ධ පූජා වතාවත් මම උයලා කරනවා. පිටතින් බලන චරිත නොවේ අභ්‍යන්තරිකව තිබෙන්නේ. මම කවදාවත් භික්ෂුවක් හැටියට සම්මාදමක් කරලා නෑ. කවදාවත් පිරිසක් ගෙන්වලා වැඩ කරලා නෑ. මම කාටවත් කරදර කරලා නෑ. කාගෙවත් දේකින් මම යැපෙන් නෑ. කිසිම දේශපාලකයෙක්, රාජ්‍ය නිලධාරියෙක් ගෙන්වලා මම මුල්ගලක් තියලා එහෙම වැඩක් කරලා නෑ. කෑම එක්කටවත් මම ණය නැත්තේ ඒකයි. නැත්නම් ඕක හරකෙක් වෙලා හරි ගෙවන්න වෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ මට රනිල් වික්‍රමසිංහ මහත්මයා මුණ ගැහුණා..” යැයිද පැවසුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *