BREAKING NEWS
Search

පෙම්වතාට මත්ද්‍රව්‍ය මිශ්‍ර කළ කිරිතේ දීමට ගිය පෙම්වතිය අත්අඩංගුවට

542

පිළියන්දල ප්‍රදේශයෙන් අනපේක්ෂිත සිද්ධියක් වාර්තා වෙමින්, සිර මැදිරියේ රඳවා සිටි තරුණයෙකුට මත්ද්‍රව්‍ය මිශ්‍ර කළ ආහාර ලබාදීමට උත්සාහ කළ තරුණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් වාර්තා අනුව, 24 හැවිරිදි තරුණයෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන තෙක් පොලිස් සිර මැදිරියේ රඳවා සිට තිබිණි. එම අතරතුර, ඔහුගේ පෙම්වතිය බව කියන 22 හැවිරිදි තරුණිය ඊයේ (22) දහවල් ඔහුව බැලීමට පැමිණ ඇත.

තරුණයා සමඟ කෙටි කතාබස් කළ ඇය, පොලිස් නිලධාරීන්ගේ අවසරය මත තේ එකක් රැගෙන පිටව ගොස් ඇති අතර, මඳ වේලාවකට පසු නැවත පැමිණ ඇත්තේ කුඩා ඉටි බෑගයකින් බටයක් සහිත කිරිතේ එකක් සහ සැන්විච් එකක් සමඟයි.

කෙසේ වෙතත්, ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත එම ආහාර පරීක්ෂා කළ පොලිසියට සැන්විච් එක තුළ සඟවා තිබූ මත් කරලක් හමුවී තිබේ. එමෙන්ම, කිරිතේ තුළද මත්ද්‍රව්‍ය මිශ්‍ර වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාර තරුණයා පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාර තරුණිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පිළියන්දල පොලිසිය විසින් සිදු කරමින් පවතී.(Ape Rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!