BREAKING NEWS
Search

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ඉක්මන් කළේ, ගල් අඟුරු වංචාව ගැන කතාව වෙනස් කරන්න – ගම්මන්පිල

132

 

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දේශපාලන පසුබිමක් සහිත ක්‍රියාවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඔහු සඳහන් කළේ, සලේ මහතාට එරෙහිව බෙදුම්වාදී බලවේග අතර පළිගැනීමේ උවමනාවක් දිගුකාලයක් සිට පැවති බවයි. එමෙන්ම ‘චැනල් 4’ නාලිකාව හරහා ඔහු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස පෙන්වමින් මඩ ප්‍රචාරයක් දියත් කළ බවද ගම්මන්පිල මහතා කියා සිටියේය. එය පසුබිම් කරගෙන වත්මන් ආණ්ඩුව බලයට පැමිණි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු කියා සිටියේ, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කිරීමට වත්මන් ආණ්ඩුව දැඩි පීඩනයකට මුහුණ දී සිටින බවයි. ඒ අතර, පසුගිය අප්‍රේල් 21 ට ආසන්න කාලයේදී පිල්ලයාන් අත්අඩංගුවට ගත් බවද ඔහු සිහිපත් කළේය.

මෙම වසරේ අප්‍රේල් මාසය ආසන්න වන විට සලේ මහතා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබුණද, එය ඉක්මන් කර ඇති බව ගම්මන්පිල මහතා කියා සිටී. ඔහුගේ අනුව, දැනට සමාජයේ වැඩි අවධානයට ලක්ව ඇති ගල් අඟුරු වංචාවෙන් ජන අවධානය වෙනත් දිශාවකට හැරවීම මෙම ක්‍රියාවේ අරමුණ වූ බවද ඔහු ප්‍රකාශ කළේය.(Ape Rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!