BREAKING NEWS
Search

“අප්‍රේල් 21ට විතරක් සංදර්ශන එපා – මේක අවසන් කරන්න” – නලීන් බණ්ඩාර

190

 

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය හෙළි කිරීම සහ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද නොකළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව බලයට පත් වීමේදී පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන නීතිය ඉදිරියට ගෙන එන බවට ජනතාවට පොරොන්දු වූ බවයි. නමුත් එයට මේ වන විට අවුරුදු එකහමාරකට අධික කාලයක් ගතව තිබුණත්, තවමත් පැහැදිලි අවසානයක් දක්නට නොලැබෙන බවත් ඔහු අවධාරණය කළා.

(25) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමන්ට විශේෂ ගැටලුවක් නොමැති බවයි.

එහෙත්, එම පියවර අප්‍රේල් 21 දිනය ආසන්න වීමත් සමඟ සිදුකෙරෙන දේශපාලන සංදර්ශනයක් නොවිය යුතු බවද ඔහු පැවසීය. “අප්‍රේල් 21ට විතරක් කතා කරලා, ක්‍රියාමාර්ග ගන්නවා වගේ පෙනී ඉන්න එක නවත්තන්න ඕනේ. ජනතාව බලාගෙන ඉන්නේ මේ කතාවට නිමාවක්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය හෙළි කර, නීතිමය ක්‍රියාමාර්ග අවසන් කිරීම රජයේ වගකීමක් බවත්, එය වාර්ෂික සමාර්ථන කතාවක් බවට පත් නොකර ප්‍රතිඵලයකට ගෙන යා යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.(Ape Rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!