BREAKING NEWS
Search

එකම දේ කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැ… අමිහිරි පරාජයෙන් පසු සංගාගෙබ් විශේෂ සටහනක්..

271

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය හමුවේ ලැබූ පරාජයත් සමඟ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් හිටපු නායක කුමාර් සංගක්කාර සිය කලකිරීම පළ කර තිබේ.

තීරණාත්මක තරගයෙන් පරාජය වී ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවීමෙන් පසු සිය ‘එක්ස්’ (X) ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර පවසා ඇත්තේ, මෙම පසුබෑම හේතුවෙන් රසිකයන් කෝපයෙන් පසුවන සේම ක්‍රීඩකයන් ද දැඩි වේදනාවකින් පසුවන බවයි.

ක්‍රිකට් ලෝකය මෙතරම් ඉක්මනින් පරිණාමය වී ඇති අවස්ථාවක, ශ්‍රී ලංකා ක්‍රිකට් ඊට අනුවර්තනය වී නොමැති බවත් අපට එකම දේ නැවත නැවතත් කළ නොහැකි අතරම වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි බවත් ඔහු එහි දක්වා තිබෙනවා.

“හැමතැනම ගොඩක් රිදිලා. රසිකයෝ කඩාවැටිලා, කලකිරිලා, කෝපයෙන් ඉන්නවා. ක්‍රීඩකයෝත් හොඳටම රිදිලා. මමත් ඒ වගේ ඩ්‍රෙසින් රූම්වල ඉඳලා තියෙනවා. ඒක ලේසි නෑ. නමුත් මේ වගකීම තනතුරුත් එක්ක එනවා. ඔබේ රට සහ ඔබේ ජනතාව නියෝජනය කිරීම බරක් සහ විශාල වරප්‍රසාදයක්. නිවැරදි මාවතට පිවිසීමට සෑම මට්ටමකින්ම කළ යුතු වැඩ ගොඩක් තියෙනවා. අප වටා ඇති ක්‍රිකට් ලෝකය මෙතරම් ඉක්මනින් පරිණාමය වී ඇති විට, අපට එකම දේ නැවත නැවතත් කළ නොහැකි අතර වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැක. අපි අනුවර්තනය වී නෑ. අනතුර අදාළ නොවෙයි.”(Ape Rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!