BREAKING NEWS
Search

පොඩි ලැසී රතු නිවේදන නැතිව ගෙනාව හැටි – පොලිසිය හෙළි කරන නව තොරතුරු

209

 

ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැතිවද සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොලිසියට තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා, එනම් “පොඩි ලැසී” දිවයිනට ගෙන ඒම පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින්ය.

ඔහු අනාවරණය කළේ 2024 සිට මේ දක්වා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවන් 29 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට හැකිවූ බවයි. ඒ සමඟම රතු නිවේදන නොමැතිවද සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වා ඇති බවත්, අද දිනයේ ගෙනා සැකකරුත් ඒ සංඛ්‍යාවට ඇතුළත් බවත් ඔහු පැවසීය.

මෙම ගෙන්වා ගැනීම් සිදු කර ඇත්තේ රතු නිවේදන නොමැති අවස්ථාවලදීද අදාළ රටවල නීති ක්‍රමවේද, විශේෂයෙන් ආගමන විගමන නීති හා පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය භාවිත කරමින් බවද ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඒ සඳහා පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම සහ අදාළ රටවල විශ්වාසය මහත් ලෙස දායක වී ඇති බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන්ට අදාළව මේ වනවිට රතු නිවේදන 89ක් ලබාගෙන ඇති අතර, 2026 වසර තුළ තවත් සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට උපරිම උත්සාහ ගන්නා බවද පොලිසිය කියයි.(Ape Rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!