ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” කටුනායක ගුවන්තොටුපළින් පිටතට රැගෙනවිත් තිබේ.
ඝාතන සිද්ධි කිහිපයකට සම්බන්ධව පොලිසියට අවශ්‍යව සිටි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 142 යානයෙන් සැකකරු මෙරටට රැගෙන ආ බවද වාර්තා වේ.







