BREAKING NEWS
Search

පාකිස්තානය Semi Final යාම වැළැක්වීමේ කුමන්ත්‍රණ චෝදනාව ගැන කඩිනම් විමර්ශනයක් ඕනේ – චන්න ජයසුමන

621

 

පාකිස්තානය අවසන් පූර්ව වටයට පිවිසීම වැළැක්වීම සඳහා යම් කුමන්ත්‍රණයක් සිදුව ඇති බවට පළවන චෝදනා පිළිබඳ කඩිනම් විමර්ශනයක් අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසයි.

ඔහු සඳහන් කළේ, පාකිස්තාන ජනමාධ්‍ය සහ එරට හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ එහි ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් එවැනි චෝදනා ඉදිරිපත් කර ඇති බවයි.

එම චෝදනා සත්‍ය ද නැද්ද යන්න පිළිබඳ තමන්ට නිශ්චිතව පවසන්න නොහැකි බවත්, නවසීලන්තය සමඟ පැවති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් කිසියම් සැකයක් මතුවන බවත් ඔහු අද (27) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඒ අනුව, පාකිස්තානයෙන් සහ එරට හිටපු ක්‍රීඩකයන්ගෙන් එල්ලවන මෙම චෝදනා ගැන ස්වාධීන හා විනිවිද පෙනෙන විමර්ශනයක් වහාම ආරම්භ කළ යුතු බව චන්න ජයසුමන වැඩිදුරටත් අවධාරණය කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!