2005 සිට 2013 දක්වා ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහමුද් අහමදිනෙජාඩ් අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් මියගොස් ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා අනුව, ටෙහෙරානයේ ඊසානදිග නර්නැක් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිල නිවස ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් අහමදිනෙජාඩ් මහතා සමඟ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
ජනාධිපති ධුරයට පත්වීමට පෙර, අහමදිනෙජාඩ් අර්ඩබිල් පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසත්, ටෙහෙරාන් නගරාධිපතිවරයා ලෙසත් සේවය කර තිබුණි. ජනාධිපති ධුර කාලය අවසන් වූ පසු, ඔහු ඉරානයේ උපායමාර්ගික තීරණ ගන්නා මණ්ඩලයක් ලෙස සැලකෙන Expediency Discernment Council හි සාමාජිකයෙකු ලෙස පත් කර තිබුණා.
ඉරානයේ උත්තරීතර නායකයාගේ මරණයෙන් පසු දේශපාලන බලය තුළ තවමත් බලපෑමක් පැවැත්වූ චරිතයක් ලෙස සැලකූ අහමදිනෙජාඩ් මෙලෙස මියයාම, එරට පාලන තන්ත්‍රයට තවත් දැඩි ප්‍රහාරයක් ලෙස විශ්ලේෂකයන් සැලකීය.







