BREAKING NEWS
Search

ඉරාන නෞකා 20කට වැඩි සංඛ්‍යාවකට අමෙරිකාවෙන් ප්‍රහාර

575

 

ඉරානයට අයත් නෞකා 20කට වැඩි සංඛ්‍යාවකට මෙහෙයුම් ආරම්භ වූ දින සිට මේ දක්වා ප්‍රහාර එල්ල කිරීමට හෝ ඒවා විනාශ කිරීමට සමත් වී ඇති බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශය අනුව, ඊයේ රාත්‍රියේ සිදුකළ ප්‍රහාරයකින් පසු Soleimani-class’ වර්ගයේ යුද නෞකාවක් ද විනාශ වූ නෞකා ලැයිස්තුවට එක්ව ඇති බව සඳහන් වේ.

මේ අතර, ශ්‍රී ලංකාවට ඔබ්බෙන් පිහිටි ජාත්‍යන්තර මුහුදු සීමාව තුළදීද ඉරානයට අයත් යුද නෞකාවක් ගිල්වා දැමීමට අමෙරිකානු හමුදා සමත් වූ බවට වාර්තා පළවී තිබේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉරානය විසින් මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!