ඉන්දියාවේ තාක්ෂණික හෘදස්ථානය ලෙස හැඳින්වෙන බැංගලෝරු නගරය පිහිටි කර්ණාටක ප්‍රාන්තය, වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට නව නීති පියවර ගෙන තිබේ.
ප්‍රාන්ත මහ ඇමති සිද්ධරාමයියා මහතා අද (6) නිල වශයෙන් මෙම තහනම පිළිබඳ ප්‍රකාශ කරමින්, එය දකුණු ඉන්දියාවේ පළමු ප්‍රාන්තය බවට පත්ව ඇති බව ද ප්‍රකාශ කළේය.
මහ ඇමති වාර්තා කළේ, “ළමුන් අතර ජංගම දුරකථන භාවිතය වැඩිවීමේ අහිතකර බලපෑම් වැළැක්වීමේ අරමුණින්, වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළා” යන්නයි.
මෙම තීරණය කර්ණාටකයේ ළමුන්ගේ මනසික හා සමාජ ආරක්ෂාව සුරැකීමේ උත්සාහයක් ලෙස විවෘත කර තිබේ.







