BREAKING NEWS
Search

පොඩි ලැසීට අයත් පන්නිපිටියේ සුඛෝපභෝගී නිවස තහනම්

116

 

අපරාධකරුවෙකු ලෙස හැඳින්වෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසීට අයත් රුපියල් කෝටි 3ක් වටිනා පන්නිපිටියේ පිහිටි තෙමහල් සුඛෝපභෝගී නිවස, නීති විරෝධී වත්කම් කොට්ඨාසය විසින් තහනම් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෙම නිවස දින 7 කාලයක් සඳහා තහනම් කර ඇති බවයි. විමර්ශන වලින් අනාවරණ වූ පරිදි, නිවස 2012 වසරේදී පොඩි ලැසීගේ මිත්තණියගේ නමින් මිලදීගෙන ඇති අතර, මුදල් ලබාදුන් පුද්ගලයා පිළිබඳ තොරතුරු ඇයට නොමැති බව ඇය ප්‍රකාශ කරයි.

නිවසේ පෙර අයිතිකරු සහ පොඩි ලැසීගේ මවගෙන් කරුණු විමසා බැලීමේදීද, අදාළ මුදල් ලබාදුන් පුද්ගලයා පිළිබඳ විස්තර මතක නොමැති බව නිළ වශයෙන් වාර්තා විය.

ඒ අනුව, වසර දෙකකට වැඩි කාලයක් කිසිවෙකුත් පදිංචි නොවූ මෙම සුඛෝපභෝගී නිවස තහනම් කිරීමට නීති විරෝධී වත්කම් කොට්ඨාසය පියවර ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!