Vladimir Putin සහ Masoud Pezeshkian අතර දුරකථන මාර්ගයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සංවාදයේදී, ඉරානයේ උත්තරීතර නායකයා ඇතුළු රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු සහ රට පුරා සිවිල් වැසියන්ගේ මරණයට අදාළව රුසියානු ජනාධිපතිවරයා සිය ගැඹුරු ශෝකය පළ කළ බව සඳහන් වේ.
තවද පවතින ගැටුම් තත්ත්වය හැකි ඉක්මනින් අවසන් කර ගැනීම සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයකින් විසඳුමක් සොයා ගැනීම රුසියාවේ ස්ථාවරය බව ද පුටින් මෙහිදී යළි අවධාරණය කර තිබේ.
මේ අතර රුසියාව ලබාදෙන සහයෝගයට කෘතඥතාව පළ කළ ඉරාන ජනාධිපතිවරයා, රට තුළ මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳ සවිස්තර පැහැදිලි කිරීමක් ද එම අවස්ථාවේදී ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.







