BREAKING NEWS
Search

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනී ඝා.තනය කලේ මෙහෙමයි – ලොවක් කැළඹූ සිද්ධිය ගැන සියල්ල හෙළි වෙයි !

982

 

ඉරාන අධ්‍යාත්මික නායක Ayatollah Ali Khamenei ඝාතනය කිරීමේ සැලසුම සකස් කිරීමේදී, ඊශ්‍රායලය ටෙහෙරාන් නුවර ආවේක්ෂණ කැමරා පද්ධතියට අනවසර පිවිස එහි දත්ත සොරාගෙන තිබේ, යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊට අනුව, කමේනිගේ දෛනික ගමන්, රථවාහන සංචාර, ආරක්ෂක වැඩ මුර සහ ඒ සම්බන්ධ සියුම් තොරතුරු සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කර තිබේ. මෙම දත්ත මොසාඩ් සංවිධානයේ Unit 210 මගින් විශේෂ ජාලයක් සකසා භාවිතා කළ බවට අනාවරණය වී ඇත.

ඝාතනය සිදු වූ දිනයේ, කමේනිගේ කාර්යාලය තුළ දුරකථන සන්නිවේදන ක්‍රියාවලියට බාධා කළ අතර, එහි සිටි ඔත්තුකරුවන්ගේ සහාය සමඟ සැලසුම සම්පූර්ණ කළ බව වාර්තා වේ. නවතම ප්‍රහාරය ආරම්භ වූ පැය ප්‍රථම තුන තුළ කමේනි ඝාතනය කෙරුණේ සැලසුමේ සූක්ෂමතාවය ප්‍රකාශ කරන අයුරින් ය.

ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා, ටෙහෙරානයේ ඉරාන පාලන තන්ත්‍ර නායකත්ව සංකීර්ණයේ කමේනිගේ භූගත හමුදා බංකරය විනාශ කළ බව දර්ශන වාර්තා වලින් දැක්වෙයි.

ඊශ්‍රායල ආරක්ෂක ඇමති Israel Katz අනාවරණය කළේ, කමේනි ඝාතනය කිරීමේ සැලසුම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සැලසුම් කර, මාස 6ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ බවයි. එමගින්, මෙහෙයුම ඉරානයට නොසිතූ අවස්ථාවකදී සිදු විය.

ඇමති කැට්ස් පවසයි:
“කමේනි ඝාතනය කිරීමට අපි තීරණය කළේ පසුගිය නොවැම්බර් මාසයේදී. අපේ හමුදාව සහ මොසාඩ් සංවිධානය සමග සාකච්ඡා කළෙමු. අගමැති නෙතෙන්යාහු සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති සාකච්ඡා අතර මේ ගැන කතා වුණා. ඉරානය අපිට කලින් පහර දෙයි කියලා අපිට සැකයක් තිබුණා. මෙවන් මෙහෙයුමක් අවශ්‍ය බව තහවුරු වුණේ ඒ නිසා.”

මේ අතර, මැදපෙරදිග කලාපය නොසන්සුන් කරමින්, අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ප්‍රහාර ආරම්භ කර අදට සතියක් ගතවී ඇත.

වසර 40කට ආසන්න කාලයක් අයෝමය හස්තයෙන් ඉරානය පාලනය කළ කමේනි ද ඇතුළුව, 1,332 දෙනෙකු මෙම දැවැන්ත ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව වාර්තා වේ. ඉරාන රතු අඩසඳ සංවිධානය අනුව, යුද්ධයෙන් සිවිල් නිවාස 3,090ක් හා රතු අඩසඳ සහ ඔසුසල් මධ්‍යස්ථාන ඇතුළු ස්ථාන 600කට හානි වී ඇත.

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති අතර, එක්සත් අමෙරිකානු මධ්‍යම විධානය අනුව, ගෙවුණු 72 පැය තුළ 200කට අධික ප්‍රහාර එල්ල කර ඇත.

ඊශ්‍රායල පවසන්නේ, ඉරානය එල්ල කළ කිසිදු ප්‍රහාරයකින් ඔවුන්ගේ රටට දැඩි හානි සිදු නොවී ඇති බවයි. ඉරානය නිපදවූ Karramsha මිසයිල එක්වර ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළ හැකි නවීන මිසයිලයක් වන අතර, කිලෝමීටර් 2,000ක් දුර ගමන් කළ හැකි සහ ටොන් 1.5 බර ප්‍රහාර ද්‍රව්‍ය රැගෙන යා හැක.

අමෙරිකානු ජනාධිපති Donald Trump පවසයි, ඉරානයේ නව නායකයා පත්කිරීමේදී ඔහුගේ පුතු කමේනිගේ අධ්‍යාත්මික නායකත්වයට පත් කිරීමේ අදහසට විරුද්ධ බවද සඳහන් කරයි.

මේ අනුව, මැදපෙරදිග තත්ත්වය තවමත් උත්සන්නව පැවතෙමින්, අමෙරිකාව සහ ඊශ්‍රායලය එකමුතු ලෙස ඉරානය වෙත දැඩි බලපෑම් තබමින් සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!