BREAKING NEWS
Search

මෙතැන් සිට අසල්වාසි රටවල් වලට පහර නොදෙන්න ඉරානය තීරණය කරයි

435

 

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව සිදුකළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස කලාපීය රටවල් කිහිපයකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනපති මසූඩ් පෙසෙෂ්කියන් එම රටවල්වලින් සමාව අයැද ඇති බව වාර්තා වේ.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කළ වීඩියෝ පණිවුඩයකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, අසල්වැසි රටවල්වලට ප්‍රහාර එල්ල කිරීම ඉරානයේ අරමුණක් නොවන බවයි. කලාපයේ සාමය සහ සන්සුන්භාවය තහවුරු කිරීමට සියලු රටවල් අතර සහයෝගීතාව අවශ්‍ය බවද ඔහු අවධාරණය කර ඇත.

එමෙන්ම අසල්වැසි රටවල් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල නොකරන තත්ත්වයක් යටතේ, ඉරානයද ඔවුන්ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග නොගන්නා බවට ඔහු සහතික වී ඇත.

“මෙතැන් සිට පළමුව ප්‍රහාරයක් එල්ල නොවන්නේ නම්, අසල්වැසි රටවල් ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකිරීම” යන අතුරු නායකත්ව තීරණයක් ද ගෙන ඇති බව ඉරාන ජනපති පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!