BREAKING NEWS
Search

කඳුළු මැදින් බේරාගත් ජීවිත තුනක්! එංගලන්ත ජාතිකයින්ගේ පණ රැකගත් අපේ රටේ සැබෑ වීරයෝ….

252

දුම්රියක් එන හඬත් සමඟ මරණයේ බිය ඉදිරියේ අසරණ වූ එංගලන්ත ජාතික යුවළක්, කුඩා දරුවෙකු සහ මඟපෙන්වන්නෙකු ජීවිතය බේරාගන්නට කළේ එකම දෙයයි.

ඒ, කිසිවක් නොසිතා පාලමෙන් පහළ ගඟට පැනීමයි.

නමුත් ඒ මොහොතේ බොහෝ දෙනෙක් බලා සිටියදී, තම ජීවිත අවදානම පවා නොසලකා මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉදිරියට ආවේ දෙදෙනෙක් පමණයි. ඒ චමින් සහ නමක් ගමක් පවා නොදන්නා තවත් අප්‍රකට වීර තරුණයෙක්.

ගඟට පැන අසරණ වූ ඒ සිව්දෙනාම බේරාගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් වුණේ නැහැ. චමින් සහ අනෙක් තරුණයා පාලමේ එල්ලී ගඟට පැන, ඉතාමත් අසීරුවෙන් රළ අතර පොරබදමින් ඔවුන් හතර දෙනාවම ගොඩට ගෙන ඒමට සමත් වුණා. පසුව අවට සිටි පිරිසක්ද මේ උතුම් කාර්යයට උදව් උපකාර කළා.

බේරාගත් පිරිස වහාම දුම්රියෙන් පානදුර රෝහල වෙත රැගෙන ගියත්, අවාසනාවකට එංගලන්ත ජාතික පිරිමි පුද්ගලයා ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටියා. එය අතිශය කණගාටුදායක පුවතක් වුවත්, ඔහුගේ බිරිඳ, කුඩා දරුවා සහ මඟපෙන්වන්නා අද ජීවතුන් අතර සිටින්නේ චමින් සහ ඒ නාඳුනන තරුණයා කළ අතිශය නිර්භීත මැදිහත්වීම නිසයි.

අද ලෝකය කොතරම් කාර්යබහුල වුවත්, තමන්ගේ ජීවිතය පරදුවට තබා අනෙකාගේ ජීවිතය රකින්නට පෙළඹෙන මෙවැනි මිනිසුන් නිසා තවමත් මනුෂ්‍යත්වය ජීවමානව පවතිනවා.

සමාජ මාධ්‍ය ඇසුරෙන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!