BREAKING NEWS
Search

ඉරාන පාපන්දු කන්ඩායමට ට්‍රම්ප්ගෙන් කෝචොක්..

260

අමෙරිකාවේද සත්කාරකත්වය යටතේ ඉදිරියේ දී ආරම්භවීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින ඉරාන පාපන්දු කණ්ඩායම ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මතභේදාත්මක ප්‍රකාශයක් අද (11) සිදුකර තිබේ.

ඔහු සඳහන්කර ඇත්තේ, මෙවර ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉරාන පාපන්දු කණ්ඩායම සිය රටට සාදරයෙන් පිළිගන්නා නමුත් ඔවුන් තරග කිරීම සුදුසු යැයි තමා විශ්වාස නොකරන බවය.

“ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයට සාදරයෙන් පිළිගන්නවා. නමුත් ඔවුන්ගේ ජීවිතය සහ ආරක්ෂාව සඳහා ඔවුන් එහි සිටීම සුදුසු යැයි මම විශ්වාස කරන්නේ නෑ” යනුවෙන් සිය Truth Social හි සටහනක් තබමින් පවසා ඇත.

අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සත්කාරකත්වය යටතේ මෙවර පාපන්දු ලෝක කුසලානය ජුනි මස 11 වනදා දින ආරම්භ වේ.

එහිදී ඉරානය මූලික වටයේ තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය.

මේ අතර ඉරාන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය අහමඩ් ඩොන්යමාලි ඊයේ (12) පවසා සිටියේ, ඉරාන ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ගැන සහතිකයක් නොමැති බැවින් සහභාගීවීමට කොන්දේසි නොමැතිව තරගාවලියට ක්‍රීඩා නොකරන බවයි.

“මෙම දූෂිත රජය අපගේ නායකයා ඝාතනය කළා. කිසිදු තත්වයක් යටතේ ලෝක කුසලානයට සහභාගීවීමට අපෙන් කොන්දේසි නෑ” යනුවෙන් ඔහු පවසා තිබුණි.

කෙසේ නමුත් ට්‍රම්ප්ගේ සමීප මිතුරෙකු වන ෆිෆා සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ පවසා තිබුණේ, තමන් ඉරාන කණ්ඩායම ගැන ජනපති ට්‍රම්ප් සමගින් සාකච්ඡා කළ බවයි.

එහිදී ඔහු තරගාවලියට සහභාගීවීම සඳහා ඉරානය සාදරයෙන් පිළිගන්නා බව පැවසූ බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!