BREAKING NEWS
Search

ඉරාන මිසයිලවලට ඉලක්ක සපයන චීන තොරතුරු නෞකාව

636

 

ගල්ෆ් කලාපයේ යුද උණුසුම මධ්‍යයේ, ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේ රැඳී සිටින චීනයට අයත් ‘Liaowang 1’ බුද්ධි තොරතුරු නෞකාව මේ වන විට ගෝලීය අවධානයට ලක්ව ඇත. අති නවීන රේඩාර් සහ සංඥා ග්‍රහණ පද්ධතිවලින් සමන්විත මෙම නෞකාව, කලාපයේ ක්‍රියාත්මක ඇමරිකානු ප්‍රහාරක නෞකා, මිසයිල ආරක්ෂක පද්ධති සහ ප්‍රහාරක යානා නිකුත් කරන විද්‍යුත් තරංග ග්‍රහණය කරමින් සමස්ත යුද පිටියම එකම විද්‍යුත් සිතියමක් ලෙස නිරීක්ෂණය කරයි. ජාත්‍යන්තර නීතියට යටත්ව මුහුදේ රැඳී සිටින බැවින් මෙම නෞකාවට එරෙහිව සෘජු හමුදාමය පියවර ගැනීමට ඇමරිකාවට නොහැකි වී ඇති අතර, එවැන්නක් සිදුකිරීම චීනය සමඟ සෘජු යුද්ධයකට මඟ පාදනු ඇතැයි ඇමරිකානු හමුදා සැලසුම්කරුවෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

මෑතකදී ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි THAAD රේඩාර් පද්ධතියක් සහ බෑග්ඩෑඩ් හි ඇමරිකානු ඉලක්ක වෙත එල්ල කළ අතිශය නිරවද්‍ය ප්‍රහාර මාලාව පිටුපස මෙම චීන නෞකාවේ සහ රුසියාවේ බුද්ධි තොරතුරු දායකත්වය පවතින බවට යුද විශ්ලේෂකයෝ දැඩි ලෙස සැක කරති. නූතන යුද පිටියේදී භෞතික අවි බලයට වඩා තොරතුරු සහ විද්‍යුත් සන්නිවේදන බලය තීරණාත්මක සාධකයක් බව තහවුරු කරමින්, ‘Liaowang 1’ නෞකාව සිය නිහඬ මෙහෙයුම හරහා ගල්ෆ් අර්බුදයේ දිශානතිය තීරණාත්මක ලෙස වෙනස් කරමින් සිටින බව ජාත්‍යන්තර යුද විශේෂඥයන්ගේ මතයයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!