BREAKING NEWS
Search

හෝමුස් අල්ලන්න තනියම අමාරුයි.. හැමෝම එන්න..- ට‍්‍රම්ප්

619

මැදපෙරදිග කලාපයේ ප්‍රධානතම වෙළඳ නාවික මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එක්සත් රාජධානිය ඇතුළු සෙසු මිත්‍ර රටවල් සිය යුද නැව් එම කලාපයට එවිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

 

ඉරානය සහ අමෙරිකා – ඉශ්‍රායල හවුල්කාරීත්වය අතර යුදමය තත්ත්වයක් ආරම්භ වී සති දෙකක කාලයක් ගතවී ඇති පසුබිමකමෙම උපායමාර්ගික මුහුදු මාර්ගයේ නෞකා රැසකට ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේචීනයප්‍රංශයජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් ද සිය නෞකා මෙහි ආරක්ෂාව සඳහා යොමු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ කලාපීය නාවික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව සිය මිත්‍ර පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

ලෝකයේ මුළු තෙල් සැපයුමෙන් 20% ක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය අඛණ්ඩව අවහිර කරන බව ටෙහෙරානය අවධාරණය කර ඇතමෙම අවහිර කිරීම් සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

තම ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා සිටියේ ඉරානයේ යුද ශක්තියෙන් 100% ක්ම දැනටමත් විනාශ කර ඇති නමුත්ඔවුන් තවදුරටත් ඩ්‍රෝන ප්‍රහාර හෝ මිසයිල ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ හැකි බවයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘතව සහ ආරක්ෂිතව තබා ගැනීමට රටවල් රැසක් අමෙරිකාව සමඟ එක්වනු ඇතඅමෙරිකානු හමුදාව අඛණ්ඩව ඉරාන මුහුදු තීරයට බෝම්බ හෙළමින් ඔවුන්ගේ යාත්‍රා විනාශ කරනවාකෙසේ හෝ මෙම මාර්ගය නිදහස් නාවික කලාපයක් බවට අප පත් කරනවා.” යැයි ට්‍රම්ප් සඳහන් කළේය.

ඉරානයේ වැදගත් තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපතට පසුගිය සිකුරාදා අමෙරිකාව ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කළ අතරඑය මැදපෙරදිග ඉතිහාසයේ එල්ල වූ ප්‍රබලතම ප්‍රහාරයක් බව ට්‍රම්ප් පවසයිකෙසේ වෙතත්ඉරාන හමුදාව අනතුරු අඟවා ඇත්තේ ඛාර්ග් දූපතේ තෙල් යටිතල පහසුකම්වලට හානි වුවහොත් අමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන සමාගම්වල බලශක්ති මධ්‍යස්ථාන වහාම විනාශ කරන බවයි.

බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය (UKMTO) වාර්තා කරන පරිදිපෙබරවාරි 28 වනදා යුද්ධය ආරම්භ වූ දා සිට හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී නෞකා 16 කට ප්‍රහාර එල්ල වී ඇතදැනට පවතින අවදානම් තත්ත්වය හමුවේ අමෙරිකානු නාවික හමුදාව පවා තෙල් නැව් සඳහා ආරක්ෂක රැකවල් සැපයීමට ඉදිරිපත් වී නොමැත.

Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!