BREAKING NEWS
Search

ලෝක යුද්ධය විවාදය හෙට පවත්වන්න: සජිත්ගෙන් ඉල්ලීමක්

121

 

ලෝක තත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය හෙට බදාදා පවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

මෙම විවාදය අනිද්දා(19) සහ 20 පැවැත්වීමට තීරණය කර තිබිණ.

සිකුරාදා දිනය ආගමික දිනයක් හේතුවෙන් සිකුරාදා විවාදය බදාදා දිනයට ගැනීම වැදගත් බව ඔහු ප්‍රකාශ කළේය.

අද පවත්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඒ පිළිබඳ තීරණයක් ගත හැකි බව සභානායක බිමල් රත්නායක මහතා
එහිදී පැවසීය.

Lankadeepa (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!