BREAKING NEWS
Search

බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීමත් තහනම්..

357

 

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසනවා.

එසේම සෑම සතියකම බදාදා දිනය අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (16) සඳහන් කළේ.

සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගුව යන රාජ්‍ය ආයතන මෙම විශේෂ නිවාඩුවට ඇතුළත් නොවන බව සඳහන්.

එමෙන්ම සියලුම රාජ්‍ය උත්සව ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවනු ලබන අතර පෞද්ගලික අංශයෙන් ද නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ඉල්ලා සිටින්නේ.

සංචාරක, කෘෂිකර්ම, සෞඛ්‍ය සහ වැවිලි අංශවලට ඉන්ධන සඳහා අත්‍යවශ්‍ය මුදල් ප්‍රමාණය තක්සේරු කර ඒ අනුව අමතර ඉන්ධන කෝටා නිකුත් කරනු ලබනවා.

බදාදා හැරුණු විට, අනෙකුත් වැඩ කරන දින හතරේ කාර්ය මණ්ඩලය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලය පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා.

තවද, ඉදිරියේදී පැවැත්වීමට නියමිත රජයේ විභාගවලට යම් ආකාරයක බලපෑමක් එල්ලවිය හැකි බවයි ඔහු පැවසුවේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!