ජපානයේ පොලිසියටත් හොරා අවුරුදු 14කට වැඩි කාලයක් තායිලන්තයේ හැංගිලා හිටපු භයානක ‘යකුසා’ පාතාල කල්ලියක නායකයෙක් අන්තිමේදී හිතාගන්නවත් බැරි විදිහකට මාට්ටු වෙලා තියෙනවා.
ෂිගේහාරු ෂිරායි කියන මේ පාතාල නායකයා මිනීමැරුම් චෝදනා වලින් බේරෙන්න තමයි මෙහෙම හැංගිලා ඉඳලා තියෙන්නේ. දවසක් එයා ෂර්ට් එකක්වත් නැතුව පාර අයිනේ ඩාම් අදිමින් ඉන්නවා දැකපු කෙනෙක්, එයාගේ ඇඟේ තියෙන අපූරු පච්ච (Tattoos) දැකලා ෆොටෝ අරන් අන්තර්ජාලයට දාලා.
මේ ෆොටෝ එක අන්තර්ජාලය පුරාම වේගයෙන් පැතිරිලා ගිහින් ජපාන බලධාරීන්ගේ ඇහැටත් වැටිලා. ෆොටෝ එකේ තියෙන පච්ච ටිකයි, යකුසා කල්ලිවල සිරිතට අනුව කපලා අයින් කරපු පුංචි ඇඟිල්ලයි දැක්ක ගමන් පොලිසියට තේරිලා තියෙනවා මේ ඉන්නේ අර අවුරුදු ගාණක් හෙව්ව පාතාල නායකයා කියලා.
අන්තිමේදී දශකයකට වඩා පොලිසියට අල්ලගන්න බැරිවුණු මේ අපරාධකාරයාව අන්තර්ජාලයෙන් කොටුකරලා දීලා, දැන් ආයෙමත් නීතියෙන් දඬුවම් දෙන්න
Neranjan Ilukthenna







