BREAKING NEWS
Search

මහින්දගේ ගිණුම්වල කෝටි 93,000ක්..? මෙරට අංක එකේ ධනපතියා මෙන් දෙගුණයටත් වැඩියිලු.!

1100

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක රුපියල් කෝටි 93,000ක මුදලක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වාර්තා පලවෙමින් ඇත.

නමුත් පිළිගත හැකි කිසිදු නිල මූලාශ්‍රයක් මගින් මෙවැනි දැවැන්ත වත්කමක් පිළිබඳව මෙතෙක් වාර්තා කර නොමැත.

රුපියල් කෝටි 93,000ක් යනු රුපියල් මිලියන 930,000ක් හෙවත් බිලියන 930කි. ශ්‍රී ලංකාවේ 2026 වසර සඳහා ඇස්තමේන්තුගත සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 7,000ක් පමණ වන අතර, ඒ අනුව මෙම මුදල රටේ මුළු වියදමෙන් විශාල ප්‍රතිශතයකි.

වර්තමාන විනිමය අනුපාත අනුව (1 USඪ් = රු. 315 පමණ) මෙම මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක් (දළ වශයෙන් බිලියන 3ක්) පමණ වේ.

මෙරට අංක ඒකේ ධනපති ලෙස සලකන ඉෂාර නානායක්කර මහතාගේ වත්කම ඩොලර් බිලියන 1.5ක් පමණ වන අතර ඒ අනුව, සමාජ මාධ්‍යයේ සඳහන් වන මෙම මුදල ලංකාවේ ප්‍රධානතම ධනපතියාගේ වත්කම මෙන් දෙගුණයකටත් වඩා අධිකය.

 

සම්පූර්ණ උපුටා ගැනීම : ලංකා සී නිව්ස් වෙබ් අඩවිය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!