BREAKING NEWS
Search

භාණ්ඩාගාර කොල්ලයෙන් පැලවත්ත ඇවිලෙයි – උස් හඬින් වාද විවාද..!

1155

මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාතික ජන බලවේගය තුළ උණුසුම් වාද විවාද රැසක් හටගෙන ඇති බව වාර්තා වේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා නිරවුල් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ යුතු බවට එම පක්ෂයේ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

විපක්ෂය විසින් මේ වන විටත් එල්ල කරනු ලබන ප්‍රබල චෝදනාවලට ආණ්ඩු පක්ෂය ලෙස බර තැබිය හැකි මට්ටමේ ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාණවත් කරුණු මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔවුන්ගේ මතය වී ඇත.

එබැවින් වෘත්තිකයන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ලෙස මෙම ගැටලුව නිරාකරණය කිරීමට කඩිනමින් මැදිහත් විය යුතු බවටද එහිදී අවධාරණය කෙරිණි.

මීට අමතරව, මෙම සිදුවීම මුල් කරගනිමින් විපක්ෂය විසින් ඉදිරියේදී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහොත්, ඊට සාර්ථකව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව ද පක්ෂයේ ප්‍රධානීන් අතර විශේෂ අදහස් හුවමාරුවක් සිදුව ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!