ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍ය ධුර දරන තවත් ඇමැතිවරුන් දෙදෙනකුට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනා 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ
ඒ අනුව, මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අරුණ ජයසේකර මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ.
මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට හේතු වී ඇත්තේ මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් ව්‍යාජ විදෙස් ගිණුමකට බැර කිරීමට අදාළ සිද්ධිය මුල් කරගෙනය.
මීට අමතරව අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට නියමිතව ඇත්තේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඒ මහතා නැගෙනහිර ආඥාපතිවරයා වශයෙන් කටයුතු කොට තිබීමත්, එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමත් යන හේතු මතය.
ලබන සතියේදී මෙම විශ්වාසභංග යෝජනා දෙකටම අස්සන් තැබීම ආරම්භ කිරීමට විපක්ෂය සැලසුම් කර ඇති බවක්ද දැනගන්නට ඇත.
‘මව්රට’ පුවත්පත







