BREAKING NEWS
Search

නාවුල දී බස් රථ දෙකක් එකට ගැටී බිහිසුණු අනතුරක් -තනතුර අමතක කර කථානායකත් තුවාලකරුවන්ට පිහිට වෙයි..!

267

දඔුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ නාවුල නාලන්ද ප්‍රදේශයේදී බස්රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අද (26) උදෑසන 9.20ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් බව සඳහන් වෙයි.

අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති තුවාකරුවන් නාලන්ද ප්‍රාදේශීය රෝහලට හා මාතලේ රෝහලට ඇතුළත් කර ඇත.

එක් තුවාලකරුවෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

මේ අතර‍, පුද්ගලික බසයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර CTB බසයේ රියදුරු පලාගොස් තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ කථානායකවරයා ද මහනුවර මාර්ගයෙන් කොළඹ දක්වා ගමන් කරමින් සිට ඇති අතර හදිසියේ සිදුවූ මෙම බස් රථ අනතුර හේතුවෙන් කථානායකවරයා විසින් තුවාලකරුවන් ඉවතට ගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සහාය වී ඇති බව සඳහන් වෙයි.

අනතුර සම්බන්ධයෙන් නාවුල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!