වර්තමානයේ ශ්‍රී ලාංකික බැංකු ගනුදෙනුකරුවන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන් ඉතා දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීමට පටන් ගෙන ඇත. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගනිමින් නිපදවන ව්‍යාජ පණිවිඩ සහ බැංකුවේ නිල වෙබ් අඩවියට බෙහෙවින් සමාන ලෙස නිර්මාණය කළ ව්‍යාජ ලින්ක් මගින් මුදල් කොල්ලකෑම් වාර්තා වීම අතිශයින් ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය පාලනය කිරීමටත්, පාරිභෝගික දත්ත ආරක්ෂා කිරීමටත් සියලුම දේශීය බැංකු තම ආරක්ෂක දැල් මේ වන විට වඩාත් ශක්තිමත් කර ඇත.
‘ලොගින්’ වීමේ අපහසුව පිටුපස ඇති රහස.
පෙරට වඩා දැන් අන්තර්ජාල බැංකුකරණයට (Internet Banking) පිවිසීමේදී ඔබගේ උපාංගය (Device) සහ බ්‍රවුසරය (Browser) කල්තියා තහවුරු කිරීමට බැංකුවෙන් අමතර පියවර ඉල්ලයි. මෙය ගනුදෙනුකරුවන්ට තරමක වදයක් සේ පෙනුණද, ඔබගේ මුරපදය (Password) කිසියම් අයුරකින් හැකර්වරයෙකු අතට පත්වුවත්, ඔවුන්ගේ පරිගණකයෙන් ඔබේ ගිණුමට ඇතුළුවීම වැළැක්වීමේ ප්‍රධානතම තාප්පය වන්නේ මෙම පියවරයි. එය හදිසි ප්‍රහාරයක් ක්ෂණිකව නවතා දමන ස්වයංක්‍රීය අගුලක් ලෙස ක්‍රියා කරයි.
ආරක්ෂිතම මාවත – Mobile Apps සහ ජීවමිතික දත්ත
ව්‍යාජ ලින්ක් ක්ලික් කිරීමෙන් සිදුවන වංචාවලින් 100% ක්ම බේරීමට ඇති හොඳම විකල්පය වන්නේ බැංකුවේ අනුමත මොබයිල් ඇප් එක භාවිතා කිරීමයි. එයට ඇතුළුවීමට මුරපද ටයිප් කරනවාට වඩා ඔබගේ ඇඟිලි සලකුණ (Fingerprint) හෝ මුහුණ (Face ID) වැනි ජෛවමිතික තාක්ෂණයන් භාවිතා කිරීමෙන් දත්ත සොරකම් කිරීමට කිසිවෙකුටත් නොහැකි වේ. එමෙන්ම විදේශ රටක සිටියද කිසිදු ගැටලුවකින් තොරව ගනුදෙනු කිරීමේ පහසුව මෙයින් සැලසේ.
ඔබේ ධනයට උපරිම රැකවරණයක්.!
මේ සියලුම අලුත් නීති රීති සහ සීමාවන් ගෙනවිත් තිබෙන්නේ ගනුදෙනුකරුවන්ට කරදර කිරීමට නොව, ඔබ දිවා රෑ නොනිදා උපයාගත් ධනය සහ ඔබේ අනාගතය සයිබර් හොරුන්ගෙන් සුරක්ෂිතව තැබීමේ එකම අරමුණින් බව අමතක නොකරන්න.





