BREAKING NEWS
Search

කණ්ඩායමේ දක්ෂතා වැඩි කරන්න දුෂ්කර තීරණ ගන්න වෙයි – චරිත් අසලංක

10

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තීරණාත්මක දෙවන තරගය ඊයේ (17) පැවැත්වුණා.

තරගය මෙරට වේලාවෙන් ඊයේ (17) රාත්‍රී 11.00ට සොෆියා ගාර්ඩන්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ අතර, එහිදී විස්සයි විස්ස තරගාවලියක අහිමිහිරි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම් නියමිත් පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 145ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, එංගලන්තය පන්දුවාර 12යි පන්දු එක් පන්දුවකට පමණක් මුහුණදෙමින් කඩුලු 04ක් පමණක් ලබා දෙමින් එම ඉලක්කය සපුරා ගත්තා.

ඒ අනුව තරග තුකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් එංගලන්තය තරගාවලියේ ජය හිමිකර ගැනීමට සමත් වුණා.

තරගයෙන් අනතුරව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සඳහන් කළේ, තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හොඳ ආරම්භයක් ලැබුණද, ඉන්පසු පිතිකරණයේදී රිද්මය ගිලිහී යාම සහ එක දිගට කඩුලු කිහිපයක් බිඳ වැටීම පරාජයට හේතු වූ බවත්පි, ඒ පිළිබද කනගාටුවට පත්වන බවයි.

එමෙන්ම එංගලන්තය ඉතා ඉහළ මට්ටමේ කණ්ඩායමක් බව සඳහන් කළ චරිත්, ඉදිරියේදී ඇතැම් දුෂ්කර තීරණ ගනිමින් කණ්ඩායමේ දක්ෂතා වැඩිදියුණු කරගත යුතු බව සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!