BREAKING NEWS
Search

ඉදිරියේදී සිදුවිය හැකි මහා ව්‍යසනයක්…” ඉන්දීය ඇමති හෙළි කළ කතාවෙන් ලොවම අවධානයට!

54
ඔන්න ඉදිරි මාස කිහිපය ඇතුළත ලෝකෙටම මුහුණ දෙන්න වෙන දරුණුම අර්බුදයක් ගැන ඉන්දියාවෙන් හදිසි අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. කතාව ඇහුවාම නම් ඇඟත් හිරිවැටිලා යනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන විදියට, ලෝකෙටම දැවැන්ත ආහාර අර්බුදයක් එන්නයි යන්නේ!

මේකට ප්‍රධානම හේතුව මොකක්ද දන්නවද? දැන් ටික කාලෙක ඉඳන් යුක්රේනය පැත්තෙයි, ඉරාන – ගල්ෆ් කලාපයේයි ඇවිළෙන යුද ගිනි තමයි මේ හැමදේටම මුල. මේ යුද උණුසුමත් එක්ක ඉස්සරහට ලෝකේ පුරාම කෑම බීම සැපයුම සම්පූර්ණයෙන්ම කඩා වැටිලා, ගොවිතැන් කරන්න ඕන කරන පොහොර ටිකත් නැතිවෙලාම යයි කියලා තමයි ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් මහත්තයා අනතුරු අඟවන්නේ.

මේ කලාපවල යුද්ධය තවත් දරුණු වුණොත්, ගෝලීය ආහාර සැපයුම් ජාලය හිරවෙලා ලෝකෙටම බඩගින්නේ ඉන්න වෙයි කියලා ඔහු පෙන්වා දීලා තියෙනවා. ‘The Indian EXPRESS’ පුවත්පතට අදහස් දක්වමින් තමයි ඇමතිවරයා මේ බරපතළ කතාව කියලා තියෙන්නේ.

කොහොම වුණත් යුද්ධය මේ විදියටම දිග්ගැස්සුණොත් ඉස්සරහට එන්නේ නම් ලේසි පාසු කාලයක් නෙවෙයි. ඉතින් මේ ලෝක ආහාර සහ පොහොර අර්බුදය අපේ රටටත් කොහොම බලපායිද කියලා ඔන්න දැන් ඉඳන්ම හිතලා බලන්න කාලය ඇවිත්!




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!